කබරයා - 26/8/17 - 31/8/17

~ඉරේෂ්: මොකෝ හිතන්නේ සමහර seen අපිට කලින් වෙලා තියනවා කියලා තේරෙන එක ගැන?? next මොකද වෙන්නේ කියලා අපිට දැනෙන එක ගැන??~
ඉරේෂ්: මේක ගැන අදහස් නැද්දෝ..
කසුන්: Deja vu එකේ opposite scene එකකුත් මන් අහල තියේ නම මතක් වෙන්නෙ නෑ නෙ
කසුන්: ඒකත් ප්‍රංශ වචනයක්
කසුන්: v sauce channnel එකේ මයිකල් කාරයා ඔය ගැන විපරමක් කරපු වීඩියෝවක් තිවුනා..නම මතක නෑනේ..
ඉරේෂ්: හොයලා dapanko බලන්න
ඉරේෂ්: 😊😊
කසුන්: Elaz
කසුන්:

කසුන්: අරක නෑ බං මේක සෙට් උනා.dejavu ekata  අදාල නැති උනත් share කරන්න ඕනි කියලා හිතුනා
ඉරේෂ්: Ela 👍 thanks 😊
ඉරේෂ්: koo mee Tharuwa
මදුර: ඌ නිවන් දැක්කට පස්සෙ chat කරන ආසාව නැතිවෙලා
කසුන්: මාත් මේ කල්පනා කලා ඕක
කසුන්: 😅
තරිඳු: ලොල්. නෑ නෑ පුතාලා... මම කතරගම ආවා සුමන සමනට හායි කියලා යන්න...
කසුන්: Aahh එයා ඔහේ ඇවිත් ද ?
කසුන්: දේවාලේ කපු මහත්තුරුන්ගේ ආරවුල විසඳන්න වෙන්න ඇති..
තරිඳු: වෙන්ටෝනෑ
තරිඳු: 😂😂😂
කසුන්: අහක යන කුනු ගොඩක් දා ගන්න යන්නෙ ඔය..
කසුන්: කතරගම දෙයියොත් ඕක කර ඇරලා ඉන්නෙ හත්පොලේ ගාගන්න වෙයි කියලා
~ඉරේෂ්: මොකෝ හිතන්නේ සමහර seen අපිට කලින් වෙලා තියනවා කියලා තේරෙන එක ගැන?? next මොකද වෙන්නේ කියලා අපිට දැනෙන එක ගැන??~
තරිඳු: ඉතින් බං westworld එකේ ඕක ගැන episodes 10ක්ම තියෙනවානෙ
තරිඳු: Deja Vu is one point where mind gets caught-up for doing its job at its best...
කසුන්: Which is?
තරිඳු: No one can see beyond their choices. Sometimes mind takes it very seriously and shows us only what we want to see...
තරිඳු: Question: How do you recall that this movie is being watched by you 10 years ago?
තරිඳු: Mostly by an action sequence yeah?
ඉරේෂ්: Didnt get.. තේරෙන සිංහලෙන් කියපන්කෝ.. බුදුවරු උනත් දේශනාව කරන්නේ මවු භාෂාවෙන්...😩😓
~තරිඳු: ලොල්. නෑ නෑ පුතාලා... මම කතරගම ආවා සුමන සමනට හායි කියලා යන්න...~
මදුර: සුමන සමන් කතරගමට shift වෙලාද දැන් 🙄😳
මදුර: මන්නන් හිතන්නෙ නෑ බන් ඔය අව්ල් විසදන්ට දෙයියො support එකක් දෙයි කියල... දෙයියන්ට උනත් ඉවසීමේ සේමාවක් තියෙනවනෙ බන්...
කසුන්: 😂😂😂මන් කිව්වෙත් ඒකයි..සමන් දෙයියො යන්න ඇත්තේ අනුකම්පාවට.
~තරිඳු: Mostly by an action sequence yeah?~
කසුන්: Action කිව්වෙ පයිට් ද?උඹ ඔය කියන්න එන්නෙ emotional scene එකක් peg එකක් කරන් දෙයක් recall කරනවා කියලද?
~මදුර: සුමන සමන් කතරගමට shift වෙලාද දැන් 🙄😳~
තරිඳු: අඩේ... sorry වෙන්න ඕනෑ පුතාලා. මම මෙච්චරකල් හිතං හිටියේ සුමනයාමයි කතරගම එකා කියලා 😂😂😂
ඉරේෂ්: Lol
මදුර: හොද වෙලාවට උබට උබෙ ගෙදර වෙන එකෙක්ගෙ කියල හිතුනෙ නැත්තෙ 😂😂😂
~කසුන්: Action කිව්වෙ පයිට් ද?උඹ ඔය කියන්න එන්නෙ emotional scene එකක් peg එකක් කරන් දෙයක් recall කරනවා කියලද?~
තරිඳු: Action කිව්වේ චිත්‍රපටයේ විකාශයට
තරිඳු: We consume everything according to our vision right. Even the movies. So if we are to recognize some old movie that we've watched before, one or more consumption points must match sufficiently
~තරිඳු: Action කිව්වේ චිත්‍රපටයේ විකාශයට~
කසුන්: Ok.👍
ඉරේෂ්: Tharuva උඹට යන්න තිබ්බෙ අනුරාධපුර.. ලක්ෂයක් අරිහතුන් පහල වේවා කියලා මහා අදිෂ්ඨාන පූජාවක්..
~ඉරේෂ්: Didnt get.. තේරෙන සිංහලෙන් කියපන්කෝ.. බුදුවරු උනත් දේශනාව කරන්නේ මවු භාෂාවෙන්...😩😓~
තරිඳු: මේකයි කතාව... අපිට දෙයක් මතක හිටින්නේ අපි උපාදානය කරගන්න විදියටනේ. අර 6 vs 9 example එක වගේ. අපි බොහෝදුරට ගන්නේ එක්කෝ 6, නැත්නම් 9
තරිඳු: ඉතින් ඔය විදියට ගත්තු 6, 9 set එකක් match වෙලා තමයි අපි දෙයක් කලින් දැකලා තියෙනවා කියලා තීරණය කරන්නේ
~ඉරේෂ්: Tharuva උඹට යන්න තිබ්බෙ අනුරාධපුර.. ලක්ෂයක් අරිහතුන් පහල වේවා කියලා මහා අදිෂ්ඨාන පූජාවක්..~
කසුන්: මන් කැමති ඔයගැන .අදහසක් කියනවානම්..පින්තුර වගයක් දැක්කා..බෝම ලස්සනට කරලා තිබ්බා වැඩේ..
කසුන්: මේක ඉවර කරලා හැබැයි
තරිඳු: අපේ මනස ස්වාභාවිකවම හැදිලා තියෙන්නේ කලින් දන්න දේවල්ම අපිට පෙන්නවන්න. ඒ අතර නොදන්නා දේවල් ඉතා සුළු ප්‍රමාණයක් අන්තර්ගත වෙනවා අපිව ඉදිරියට ගෙනියන්න. ඒත් මේ නොදන්නා ප්‍රමාණය ගොඩක් වැඩි උනොත් අපි පුරුදු වෙලා ඉන්නේ ඒක අත්හරින්න...
තරිඳු: හරියට අපි නිවන අතඇරියා වගේ
තරිඳු: නිවනත් අපි අතඇරියා. 1+1=2ත් අපි අතඇරියා...
තරිඳු: ඒක නිසා මනසේ පැවැත්මට මේ අනුපාතය ඉතාම අත්‍යාවශ්‍යයි.
තරිඳු: හැබැයි සමහර වෙලාවට මනස පෙන්නන්නෙම අපි දන්න දේවල් විතරයි. ඕකට programming term එකක් තියෙනවා casting කියලා
තරිඳු: ඉතින් ඔය වගේ වෙලාවට deja vu තමා
ඉරේෂ්: හ්ම්ම්..
තරිඳු: මනස over acting කරන වෙලාවට තමයි ඉතින් deja vu
~කසුන්: මන් කැමති ඔයගැන .අදහසක් කියනවානම්..පින්තුර වගයක් දැක්කා..බෝම ලස්සනට කරලා තිබ්බා වැඩේ..~
තරිඳු: මේකේ මම නං කිසි අවුලක් දකින්නේ නෑ. අපේ ගොඩක් උන්ගේ නිර්වාන ප්‍රතිපදාව මීටත් වඩා විහිළුවක්..
තරිඳු: What you think, you become...
What you give is what you get...
තරිඳු: ඔය දෙකෙන් එහා දෙයක් මම දකින්නේ නෑ
කසුන්: ඕකේ ඔය මූලික අදහස අවුලක් වගේ පෙනුනත්  මේ හාදයෝ ධර්මය ඉස්සරහට අරන් යන්න වැඩක් කරනව...
කසුන්: මේකැප වෙන කැපවිල්ල වෙලා හරි පාරක සෙරම ගියොත් කෝ සාසනයක් අරන් යන කාන්ඩයක්
තරිඳු: ඒ කියන්නේ මේක වැරදි පාරක් කියන එකද?
කසුන්: වැරදී පාරක් නොකියා දුර පාරක් කියමු..
කසුන්: එහෙම කියන්නත් බෑ අප්පා..
තරිඳු: අන්නේකයි 😂😂😂
තරිඳු: මොකෝ අපි short-cuts දන්න එකක් යෑ...
කසුන්: මොන පාරෙ ගියත් අරක අහුවෙන එකාට මොකත් ඇති.
කසුන්: අර හැම දෙයම දර්මය හින්දා කොහොම හිටියත් කොහේ හිටියත් පෙන්න ගත්තම පෙනව.හිටන්.
කසුන්: 😁
~තරිඳු: මොකෝ අපි short-cuts දන්න එකක් යෑ...~
කසුන්: අම්මපා ඇත්ත..සමහර තැන් වල වටේ කැරකිලා තියෙන කැරකිල්ල දැක්කම විලි ලැජ්ජාවේ  බෑ  ඉතින්..
මදුර: සිරාවට
ඉරේෂ්: මම අහන්නේ මිනිස්සුන්ට ගැලවෙන්න දහමක් කියන්නේ නැතිව  උන්ව ගොනාට අන්දලා තවත් වල පල්ලටම තල්ලු කරන එක හරි ද??  Marketing කරාට කමක් නෑ උන් ඒකෙත් ගොඩ යනවා නම්.. ඕකෙන් වෙන්නේ මිනිස්සු නිවන් දකින්න කියලා කිසිම ප්‍රතිපත්තියක් නැති ආමිසයට යන එක.. අනික රහතුන් පහල වේවා කියලා පූජා තියන තත්වයටම මිනිස්සු පත් උනා.. බුදුවරු ඔය වගේ පූජා අනුමත කරේ නෑ..
තරිඳු: මිනිස්සුන්ට ගැලවෙන්න දහමක් කිව්වම උන් නිකන්ම ගොන්නු වෙනවා. මොකද සක්කාය තියාගෙනම උන් හැමදේම අත් හරිනවා. ප්‍රතිපත්ති වලින් නිවන් දකින්න පුළුවන් නම් ඉතින් බැරියෑ... බුදුවරු කිසිදෙයක් අනුමත කරන්නෙත් නෑ ප්‍රතික්ෂේප කරන්නෙත් නෑ...
තරිඳු: දක්ෂ ගොවියා නිවන් දකින්නේ ගොව්තැනෙන්මයි. සත්තු මරණ එකාත් ඒ කර්මාන්තයෙන්ම තමයි ගොඩ යන්නේ...
මදුර: Indeed... බුදුහාමුදුරුවො මිනිස්සුන්ට තෙරුම් යන්න කියල හරි පොඩි පොඩි හරි බොරු කියපු එක ලොකු අව්ලක්. දැන් කාලෙ මිනිස්සු ඒ ලස්සන බොරු ධර්මය කියල ඒව පස්සෙ යනව... මෝඩ මිනිස්සු
තරිඳු: නැතුව ගොවියට භාවනා කරන්න කිව්වම උන්ව අනාථ වෙනවා...
තරිඳු: මිනිස්සුන්ට බොරු කිව්වේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. ආනන්දලා...
තරිඳු: බුදුහාමුදුරුවෝ කලේ බෙහෙත් දෙන එක. ආනන්ද ඒවා අහං ඉඳලා පොත්වල ලිව්වා රෝග ලක්ෂණ නිවැරදිව නොගලපා...
~තරිඳු: මිනිස්සුන්ට බොරු කිව්වේ බුදුහාමුදුරුවෝ නෙමෙයි. ආනන්දලා...~
මදුර: ඒත් සමහර වෙලාවට නිවන් අවබොයට පොඩි කමටහනක් හැටියට බොරු කිව්ව කියල හිතෙනව මට... කොහොමෙන් හරි මිනිහෙක් ගොඩ යෛ කියල.. ex:- රාජෝහරනං.. දැන් මිනිස්සු හැමෝම රෙදි අතුල්ල අතුල්ල රාජෝහරනං කියාව නිවන් යන්න
තරිඳු: ඉතින් වෙන ලෙඩ තියෙන උන් අනිත් එවුන්ගේ බෙහෙත් බොන්න ගිහින් නසරානි වෙනවා...
තරිඳු: හීනයකදී කොහොමද බොල බොරු කියන්නෙ??? :)
තරිඳු: මායාවක ඇත්තක් බොරුවක් කියලා දෙයක් ගන්න තියෙයි යෑ...
තරිඳු: මේ කථාව මම කලින් කියලා තියෙනවා. බුදු කෙනෙක් කරන්නේ අනුසය වෙලා තියෙන කෙලෙස් වලට කතාකරන එක...
~තරිඳු: හීනයකදී කොහොමද බොල බොරු කියන්නෙ??? :)~
මදුර: සිරාවට මොකද්ද බොල හීනෙ?
තරිඳු: සසර :)
මදුර: ඉතින් සසරෙ ඕන තරම් බොරු තියෙන්නෙ
තරිඳු: කෙලෙස් අනුසය වෙලා නැත්නම් ඔය කියපු දේවල් නිකන්ම නිකන් බයිලා
මදුර: උබ කියන සසර මොකක්ද දන්නෙනෑ.. මම කිව්වෙ ජීවත් වෙන කාල පරාසය
තරිඳු: එක බොරුවක් කියපං බලන්න
මදුර: මෛත්‍රීපාල දින සීයෙන් රට දියුනු කලා පොරොන්දු උන විදිහටම
තරිඳු: දැන් ඕක බොරුවක් වෙන්නේ උඹගේ බලාපොරොත්තුවයි, experience එකයි එක්කනේ. ඕවා පුද්ගලානුබද්ධයි
තරිඳු: පුද්ගලානුබද්ධ උනාම ඒවායේ ඇත්ත නැත්තත් එහෙමමයි
මදුර: So? උබත් බොරුවටමනෙ support
හිරුන්ද: 👍
හිරුන්ද: Subjective scene eka
තරිඳු: යෙප්. ආයේ චන්දයක් තිබ්බම බලපංකො
මදුර: අනික රාජෝහරනං එකත පුද්ගලානුබද්ධයිනෙ
මදුර: පුද්ගලානුබද්ධ ඒව තමයි මිනිස්සු පොදු ඒව කරගෙන කොරගන්න බැරුව දගලන්නෙ
තරිඳු: ඒක තමයි. ආනන්දගේ වැරැද්ද. නැතූව බුදුන්ගේ නෙමෙයි
~මදුර: So? උබත් බොරුවටමනෙ support~
තරිඳු: ඇත්ත හා බොරුව අන්ත දෙකක්. මම ඔය දෙකෙන්ම නිදහස්
මදුර: බුදුවරු බොරු කියන්නෙ නෑ?
තරිඳු: නෑ...
තරිඳු: ඇත්තක් කියන්නෙත් නෑ හැබැයි
~තරිඳු: මේ කථාව මම කලින් කියලා තියෙනවා. බුදු කෙනෙක් කරන්නේ අනුසය වෙලා තියෙන කෙලෙස් වලට කතාකරන එක...~
තරිඳු: මේකයි බුදුන්ගේ කාර්‍යයභාරය
මදුර: මොකද්ද එහෙම කතා කරන එකෙන් කරන්නෙ
තරිඳු: රාජෝ හරණං
මදුර: ඒකෙන් පිරිසිදු වෙනව කියන්නෙ බොරුවක් නෙවෙයි කියලද කියන්නෙ?
~තරිඳු: මායාවක ඇත්තක් බොරුවක් කියලා දෙයක් ගන්න තියෙයි යෑ...~
කසුන්: Man me kiyanna giye eka..
කසුන්: Sowan wechchi gaman musawada weramaninwalaya kelawela yanne onna okai
තරිඳු: සිංහලෙන් ගහපිය
මදුර: හෙලුවෙන් වනපිය
තරිඳු: 😂😂😂
මදුර: මොනවහරි කියපියව්.. අඩු ගානෙ මගෙ වැරැද්දක් හොයල බැනපියව්
මදුර: හැබැයි කෙල්ලෙක් group එකේ හිටියනම් හරි.. උන්ට හොදට පුලුවන් අනුන්ගෙ ඇද හොයන්න
~මදුර: ඒකෙන් පිරිසිදු වෙනව කියන්නෙ බොරුවක් නෙවෙයි කියලද කියන්නෙ?~
තරිඳු: බොරුවක් නෙමෙයි. සත්ත්වයාට තමා ඉන්න තැන දකින්න පුළුවන් වෙන්නේ එතකොටයි...
තරිඳු: තමුන් ඉන්න තැන නොදැක කරන කියන හැමදෙයක්ම මහ මුළාවක්...
තරිඳු: හරියට නිකන් අර අන්ධයාගේ කණවැල අල්ලන් යනව වගේ වැඩක්
මදුර: ඔව්.. ඒ විදිහට ඒක හරි තමයි.. ඒත් ඒවගෙ.. අද එවුන් කරන්නෙ වෙන කෙනෙක්ට කියපු trik එකක් වගෙ දෙයක් ධර්මය කියල අල්ලගෙන ඒව try කොරන එකනෙ
මදුර: මට හිතාගන්න බැරි තමුන්ටම මේ යහපතක් වෙන්නෙ දෙයියන් හින්ද නෙවෙයි.. තමන්ගෙම ධනාත්මක චින්තනය, සිතේ තියෙන active ,බව වගේ ඒව නිසා කියල මිනිස්සුට නොතේරෙන්නෙ ඇයි කියල..  ඒක හරි සරල දෙයක්නෙ
මදුර: නැහැ.. මම එහෙම කිව්වොත් වැරදි තමයි
මදුර: මොකද සමහරවිට අපි උනත් නිවන නොදකින්නෙ බොහොම පොඩි දේකින් වෙන්න පුලුවන්
මදුර: එතකොට නිවන් ගිය කෙනෙක්ට හිතන පුලුවන් මෙච්චර පොඩි දෙයක් නොතේරෙන්නෙ ඇයි කියල 🤔
කසුන්: Sinhala aaye deactivate wela bolaw
මදුර: සින්හලට කුඩම්මගෙ සැලකිලි...
මදුර: මගේ රට මගේ ජාතිය මගේ ගම, මගේ සත් සිරිත් සහ ජාතික උරුම, මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම, මගේ යුතුකමය සලකව් හැමදෙනම...
මදුර: අනෙ මන්ද... මම ජෝක් එකට කිව්වෙ 😂😂😂
~මදුර: මගේ රට මගේ ජාතිය මගේ ගම, මගේ සත් සිරිත් සහ ජාතික උරුම, මගේ වැරයෙන්ම නිදහස් කොට තැබුම, මගේ යුතුකමය සලකව් හැමදෙනම...~
කසුන්: ඔව්ව සේරම සීලබ්බතපරාමාස වෙලා සුන්න්ත්දූලි වෙලා යනවනේ ඉතින්..හිරුන්දත් ඇහුවෙ අර.
කසුන්: ඔය ඇත්ත බොරු ගැන ලස්සන කතවක් දැක්කා මේ ලඟදි
කසුන්: අපි දෙයක් ස්පර්ශ  කරනවා කියන එක ඇත්තද බොරුද. touch කියන එක මන් කියන්නෙ..දැන් විද්‍යාත්මකව පෙන්නුව හැකි ලොකෙ කිසිම surfaces දෙකක් එකට touch වෙන්නෙ නෑ..surface ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන නිසා මුහුනත් දෙක විකර්ශනය වෙනව විතරයි කියලා..
කසුන්: ඒ උනාට ඒක බොරුවක් කියලා ගත්තොත් ඒකෙන් touch කියන කාරනාවෙන් වියුත්පන්න වෙන ඉතිරි එවත්න් බොරු විදිහට ප්‍රතික්ශේප කරන්න වෙනවා..
තරිඳු: ඔව්. ඔය කතාව තියෙනවා මම අර share කරපු පොතේ. ධර්ම පහුර හිස තබා මෝහ ගඟ තරණය කරන්නෝ
කසුන්: ආහ්හ් ඒකේ මුල් ටික විතරනේ කියෙව්වෙ මන්
කසුන්: 😊
තරිඳු: ඒක කියවපල්ලා
කසුන්: කියවන්නෝ නෙ..
කසුන්: අපි මේ සිල් ගැන දෙවෙනි දවසෙත් කතා කලා..උඹ යාල ගිහින් හිටියේ..
~තරිඳු: රාජෝ හරණං~
කසුන්: මේ කියන්නෙ කිලිටි වෙනවා කියලනේ පිරිසිදු වෙනවා කියල නෙවි නේ..
තරිඳු: මම කොහෙහරි යන්න ඕන තොපිට කතා කරන්න
තරිඳු: 😂😂😂
~කසුන්: මේ කියන්නෙ කිලිටි වෙනවා කියලනේ පිරිසිදු වෙනවා කියල නෙවි නේ..~
තරිඳු: කෙලෙස් හරිමි කියන එක නෙමෙයි ද ඕකෙ තේරුම?
කසුන්: කොහොම උනත් කිලිටි වෙනව කිව්වත් පිරිසිදු  වෙනව කිව්වත් දෙකම හ්රි..අල්ල ගන්න තැන එක්ක තමයි..ගැටුමක් ඇති උනොත්
~තරිඳු: කෙලෙස් හරිමි කියන එක නෙමෙයි ද ඕකෙ තේරුම?~
කසුන්: හරනන් කියන්නෙ නම් හරිමි කිය්න්නඑක තමයි..රජෝ තේරුම හරියටම දන්නේ නෑ රජෝ..
කසුන්: 🙂
මදුර: 😂
කසුන්: මන් හැමවෙලේම කියන්නේ ඒකයි වචන තේරුම එක්කම තේරුම් ගන්න ගියොත් කෙල වෙලා යනව....
කසුන්: අපි කියවන්න පුරුදු උන හැටි මතකද?
මදුර: මන් හිතන්නෙ.. (sure නැහැ) රාජෝ කියන්නෙ කුනු වෙන්න ඕනෙ.. ඒ ඇසුරෙන් එයා කෙලෙස් අදාල කරගෙන තේරුම් ගත්ත වෙන්න පුලුවන්
කසුන්: හැම වචනයක්ම dictionaryen බලල ඉගෙන ගත්තෙ නෑ නේ..අලුත් වචන හම්බුනාමත් ඔහේ කියවන් ගියා.context එක අනුව තේරුම ගලප්ප ගෙන.
~කසුන්: අපි කියවන්න පුරුදු උන හැටි මතකද?~
මදුර: මමනම් කියවන්න පට්ට කම්මැලි
~කසුන්: හැම වචනයක්ම dictionaryen බලල ඉගෙන ගත්තෙ නෑ නේ..අලුත් වචන හම්බුනාමත් ඔහේ කියවන් ගියා.context එක අනුව තේරුම ගලප්ප ගෙන.~
මදුර: ආ..... ඒකද මේ? 😂😂😂
මදුර: මන් හිතුව පොත් කියවන එක කියල..
කසුන්: අන්නේකයි!
මදුර: එතනම බලපන්කො ඉතින්.. same word two meaning 😓
කසුන්: ඔව් හරියට හරි..
කසුන්: ඉතින් ඒ දෙකෙන් ඕනි එකක් ගන්න කෙන වැරදි කියන්න බෑනේ..
කසුන්: හරිත් නෑ..වැරදිත් නෑ..
කසුන්: මායාව විතරයි.
මදුර: ඔව්... පරචිත්තවිදාරන ඕනෙමයි වගේ දැන්නම්
මදුර: Pk එකේ පිටසක්වල ජීවිය උනානම් ගොඩ
මදුර: නම්බුකාර විදිහට වැලක්වත් බලන්න වෙන්නෙ නෑ හැබැයි 😓
කසුන්: ඕනේ නෑ ..ඔව්ව ඔහොමයි කියලා හිත හදා ගත්තම ඉවරයි!.
~මදුර: නම්බුකාර විදිහට වැලක්වත් බලන්න වෙන්නෙ නෑ හැබැයි 😓~
කසුන්: අඩේ ඒ මොකක්ද ඒ විදිහ..මටත් කීල දියන්කො
කසුන්: :)
මදුර: පරචිත්ත විදාරන පහල උනාම බුදුන් උනත් මිනිස්සුන්ගෙ හිත්වල කොච්චර වැල දකින්න ඇත්ද...
~කසුන්: අඩේ ඒ මොකක්ද ඒ විදිහ..මටත් කීල දියන්කො~
මදුර: කාටත් හොර රහසේ.. තමුන් කැමති කෑල්ලක් මතක් කරගෙන 😊☺☺☺ ලැජ්ජයි යකෝඕඕඕඕඕ 😁😁😁
මදුර: මිනිස්සුන්ගෙ හිත් හෙන දරුනුයි. තමුන්ගෙම relativesල ගැන උනත් වැල බලන්න තරම්ම...
කසුන්: ඔය පරචිත්ත විජානනේ හෙන ලොකු සීන් එකක් නෙවි..ඔය පෙරේතයොත් ඉන්නෙ ඕක පුලුවන්..
මදුර: සිත්වල හැටි තමයි ඉතින්
~කසුන්: ඔය පරචිත්ත විජානනේ හෙන ලොකු සීන් එකක් නෙවි..ඔය පෙරේතයොත් ඉන්නෙ ඕක පුලුවන්..~
මදුර: කෝ .. ඌ මගෙ හිතත් කියෝනවද දන්නෙනෑ.. මල හත්තිලව්වයි
~මදුර: මිනිස්සුන්ගෙ හිත් හෙන දරුනුයි. තමුන්ගෙම relativesල ගැන උනත් වැල බලන්න තරම්ම...~
කසුන්: One can say its creativity
~මදුර: කෝ .. ඌ මගෙ හිතත් කියෝනවද දන්නෙනෑ.. මල හත්තිලව්වයි~
කසුන්: එව්වා මන් දන්නේ නෑ..
කසුන්: Btw who has seen the movie "predestination?
කසුන්: Ethan hawke inne
කසුන්: බලලා නැත්නම් බලපියව්..
මදුර: උබල බැලුවද gods must be crazy... අන්න film 😎😎😎
කසුන්: 😂😂😂😂👍👍
ඉරේෂ්: ළමායි...
ඉරේෂ්: මම ගිය ටිකට Msg 102
මදුර: අන්කල්...
ඉරේෂ්: මොකෝ තත්වේ
මදුර: අපි ඉතින් කට වාචාලයොනෙ 😓😏😓
ඉරේෂ්: මම කිව්වේ අර ආමිස කතාව.. ඒක මට දැනෙන විදිහ.. තව කෙනෙක් ඒක වෙනස් විදිහකට දැක්කට අවුලක් නෑ.. ඒ උනාට මාර්ගය පැහැදිලි කරද්දී දැනෙන දේවල් වල පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්.. මොකද එතනදි  භාෂාවෙහි සන්නිවේදන බලපානවා.. ඒ උනාට සමස්ථයක් වශයෙන් පොදුයි. නමුත් නිවන් දැක්කට පස්සේ තමයි බුදුවරු රහතුන් කියලවත් ලේබල් නැත්තෙ..
ඉරේෂ්: අනිත් කාරණය තමයි.. නිවනට ආවට පස්සේ එයාට ආපු මාර්ගයක් කියලවත් පෙන්නුම් කරන්න දෙයක් නෑ.. නමුත් සමාජය තුල එයා ඉන්නකොට එයා දැන ගන්න ඕනා ලෞකිකයට බැහැලා දෙන උපදෙසක් දෙන්න.. නැත්තං ඉතින් ඒවා බයිලා විතරයි.. මොකෝ අහන එකාට ඒවා තෙරෙන්නෙ නෑ.. එතකොට තමයි ඌව ටිකක් නාවලා කරලා ගන්න ඕනා.. ඒ වෙලාවට තමයි මිත්‍යාවට පයින් ගහන්න කියන්නේ.. හැබයි එ්වෙලාවට නෑ  නෑ  ඕනෙ නෑ  ඒක කරලා මිනිස්සු ගොඩයයි කියලා තර්ක කරාට වැඩක් වෙන්නේ නෑ..
ඉරේෂ්: තව එකක් තමයි මිනිස්සුන්ගේ ඤාණ මට්ටම් එක වගේ නෑ... සමහරුන්ට කියපු ගමන් තේරෙනවා.. තවත් අයට කියලා පොඩ්ඩක් push කරලා  track  එකට දාන්න ඕනා.. තවත් අය ඉන්නවා උන්ට කොච්චර කිව්වත් මොනවා කෙරුවත් උන්ව ගොඩ දාන්න බෑ, උන්ට ඒවා click වෙන්නේ නෑ..
ඉරේෂ්: ඕක ගැන නම්  පොතෙත් තියෙයි මයෙ හිතේ..
~ඉරේෂ්: මම කිව්වේ අර ආමිස කතාව.. ඒක මට දැනෙන විදිහ.. තව කෙනෙක් ඒක වෙනස් විදිහකට දැක්කට අවුලක් නෑ.. ඒ උනාට මාර්ගය පැහැදිලි කරද්දී දැනෙන දේවල් වල පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්.. මොකද එතනදි  භාෂාවෙහි සන්නිවේදන බලපානවා.. ඒ උනාට සමස්ථයක් වශයෙන් පොදුයි. නමුත් නිවන් දැක්කට පස්සේ තමයි බුදුවරු රහතුන් කියලවත් ලේබල් නැත්තෙ..~
කසුන්: හරි ඉරේශ් ඔතන කතාව මෙහෙමනේ.ආමිස පූජා වලින් රහතුන් හැදෙන්නේ නැති එක හැබෑව..හැබැයි ඒ ආමිස පූජාව නිසාම මිනිස්සු රහත් මගට වැටෙන්න පුලුවන්.ඒක අපිට නෑ කියන්න බෑ.මුහුදට වැටෙන වතුර පාර කොහෙන් වැටුනද කියලා හොයන්න බෑ වගේ..ගඟකින් ආවත්.කුනු කානුවකින් ආවත්.. කවුරු  හරි ගිහින් මුහුදට චූ කලත් ..මුහුදට වැටුනම එකම  මුහුද
ඉරේෂ්: එල.. අපි මොන තර්ක කරත් ගොඩ යන එකා ගොඩ යනවා.. 👍
කසුන්: 🙂
~ඉරේෂ්: මම කිව්වේ අර ආමිස කතාව.. ඒක මට දැනෙන විදිහ.. තව කෙනෙක් ඒක වෙනස් විදිහකට දැක්කට අවුලක් නෑ.. ඒ උනාට මාර්ගය පැහැදිලි කරද්දී දැනෙන දේවල් වල පොඩි පොඩි ගැටලු තියෙන්න පුළුවන්.. මොකද එතනදි  භාෂාවෙහි සන්නිවේදන බලපානවා.. ඒ උනාට සමස්ථයක් වශයෙන් පොදුයි. නමුත් නිවන් දැක්කට පස්සේ තමයි බුදුවරු රහතුන් කියලවත් ලේබල් නැත්තෙ..~
තරිඳු: මාර්ගය පැහැදිළි කරන්න යන එකෙක් ඉන්නවානං එතනින්ම තේරෙනවා උගේ ගොන්කම. ආමිසයෙන්වත් ප්‍රතිපත්තියෙන්වත් නිවන් දකින්න බෑ. ඕවයින් කරගන්න පුළුවන් එකම දේ තමන්ව දකින එක. තමන්ව වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ කෙලෙස් වැඩිපුරම අතපතගෑවෙන තැන් වල. ඉතින් ආමිසයට යොමුවෙන එකේ කිසි වැරැද්දක් මම දකින්නේ නෑ. දකින ප්‍රශ්ණ තියෙනවා නම් අපි කතා කරමු...
භාෂාවේ ප්‍රශ්ණයක් තියෙන බව හැබෑව. හැබැයි ඒ ප්‍රශ්ණය ප්‍රශ්ණයක් වෙන්නේ යමක් සන්නිවේදනය  කරන්න හදන ගුරුවරුන්ට. බුදුවරු ගුරුවරු නෙමෙයි. ඒ නිසා බුදුන්ට ඔය කාරණාව ඒ හැටි අදාළ වෙන්නේ නෑ...
හිරුන්ද: මම මේ නිකං අහන්නෙ. නෙතනි කියන්නේ කෙල්ලක් ද කොල්ලක්ද
කසුන්: නෙතනි නම් කෙල්ලෙක් වෙන්න අති මචො
~ඉරේෂ්: අනිත් කාරණය තමයි.. නිවනට ආවට පස්සේ එයාට ආපු මාර්ගයක් කියලවත් පෙන්නුම් කරන්න දෙයක් නෑ.. නමුත් සමාජය තුල එයා ඉන්නකොට එයා දැන ගන්න ඕනා ලෞකිකයට බැහැලා දෙන උපදෙසක් දෙන්න.. නැත්තං ඉතින් ඒවා බයිලා විතරයි.. මොකෝ අහන එකාට ඒවා තෙරෙන්නෙ නෑ.. එතකොට තමයි ඌව ටිකක් නාවලා කරලා ගන්න ඕනා.. ඒ වෙලාවට තමයි මිත්‍යාවට පයින් ගහන්න කියන්නේ.. හැබයි එ්වෙලාවට නෑ  නෑ  ඕනෙ නෑ  ඒක කරලා මිනිස්සු ගොඩයයි කියලා තර්ක කරාට වැඩක් වෙන්නේ නෑ..~
තරිඳු: නිවනට යන්න තියෙන්නේ එකම එක මාර්ගයයි. ඒ ආර්ය අෂ්ඨාංගික මාර්ගය. ලෞකිකයට බහිනවාය, ලෝකෝත්තරයට බහිනවාය කියන කාරණා ගැන මට ඒ හැටි වැටහීමක් නෑ. බුදු බණ  කියන්නේ ඉතින් ඇස පෑදුනේ නැති අයට තනිකරම බයිලා තමා. තේරෙන්න දේවල් කියන්නේ ගුරුවරු මිසක්වා බුදුවරු නෙමෙයි...
හිරුන්ද: අඩෙ
~හිරුන්ද: මම මේ නිකං අහන්නෙ. නෙතනි කියන්නේ කෙල්ලක් ද කොල්ලක්ද~
කසුන්: අහන්නෙ මන් ගැන නම් මන් කොල්ලෙක් ඔන්න
හිරුන්ද: එල
කසුන්: නෙත්ති derives from ජයනෙත්ති..
හිරුන්ද: මචං, නිවනට පාරවල් 112 ක් තියනව
තරිඳු: උඹලා දෙන්නා එක එකාව දන්නේ නැද්ද බොලව්? දෙන්නම Royal නේ
කසුන්: ?
කසුන්: අඩෙ මොනාද ඒ?
කසුන්: Different circles ne..
හිරුන්ද: බුදු හාමුදුරුවෝ ගියෙ ඉන් එකක
හිරුන්ද: Fuck this sinhala.
හිරුන්ද: According to shiva there are 112 ways to atain nirwana
තරිඳු: https://www.facebook.com/kcjneththie
තරිඳු: https://www.facebook.com/hirunda
හිරුන්ද: And 8 Nobel paths are common across all of them
කසුන්: යකො බස්ස තෝව වත් සෙට් වෙලා තියෙද කියහන් එක සැරයක් ඉස්කොලෙදි.තෝව මට මතක ඉස්සර රීඩ් ඇවිනුව් තත්තගෙ office එකට යනවනේ තෝ
හිරුන්ද: Parwathi challenged shiva saying that there are 118 ways. However she did not manage to do so
තරිඳු: LOL
කසුන්: Ado i know hirunda..
කසුන්: :)
කසුන්: ඌ මාව දන්නෙ නෙතිවට මක් කරන්නෙයි මන්
තරිඳු: අන්නේකයි 😂😂😂
~හිරුන්ද: Parwathi challenged shiva saying that there are 118 ways. However she did not manage to do so~
කසුන්: These are the yoga systems rite?
හිරුන්ද: Correct
හිරුන්ද: There were 1800 teaching schools in the days of Buddha in india
කසුන්: ඔව්වා සේරම සීලබ්බත පරාමාස මට තේරෙන විදිහට
කසුන්: අර ඉඩම සුද්ද කරන කතාවක් මන් කිව්ව මතකද?
හිරුන්ද: So sorry brothers. I miss dmost of the convo. It sure seemed interesting. But I got off the rails.
හිරුන්ද: Ubala busy nedda bang
හිරුන්ද: Wonder how the hell u guys find time to read and type here. Hehe
හිරුන්ද: It's good
~හිරුන්ද: And 8 Nobel paths are common across all of them~
තරිඳු: Yes. There are various entry points. Yet the core remains the same...
හිරුන්ද: However, there are some weird stuff for Shiva's system
හිරුන්ද: So the story of yoga is pretty crazy itself. Sound a bit like GoT and shit
කසුන්: හෙ හෙ...
තරිඳු: And yet I'm here without denying any of those crazy shit. The more it becomes weird, the more chances you have...
හිරුන්ද: Hehe. Guys has anyone explore the phycadelic side of this journey?
~හිරුන්ද: Wonder how the hell u guys find time to read and type here. Hehe~
තරිඳු: හිත ඇත්නම් පත කුඩාද කිව්වලු 😂😂😂
~හිරුන්ද: And 8 Nobel paths are common across all of them~
මදුර: There r possibilities yh.. thats why I woild say not to stick to a road or aprocedure.. ඔව්ව එකකට fix වෙලා හිටියට අපිට ඒකෙන් විසදුමක් බොලැබෙන්න පුලුවන්.හොදම දේ නිදහස්ව තමුන්ම තමන් අසුරෙන්ම විසදුමක් හොයන එක.. හොයන්න ඕනෙත් නෑ ඇත්තටම ... ඔබගෙ උනන්දුවක් තිබේනම් ඉබේම tracks set වේවි
~හිරුන්ද: Hehe. Guys has anyone explore the phycadelic side of this journey?~
තරිඳු: With drugs or without?
හිරුන්ද: Yes.
තරිඳු: Means, with drugs?
හිරුන්ද: So most of the profound experiences that pushed me personally towards my current path were from drugs
හිරුන්ද: Yes.
හිරුන්ද: Weed, LSD, DMT, mushrooms etc
හිරුන්ද: කට්ටිය බය කරා වගේ නේ
මදුර: අහහහහහහ 😂😂😂
මදුර: ඇයි බන් උබල drugs කිව්වම බය උනේ? 😂
හිරුන්ද: මම ඒක ඇහුවේ ය ආමිස පූජාව තියන objectives එක්ක සසඳන්න
මදුර: Btw yaah... I too agree.. sometimes drugs make ppl think deep into smthing.. honestly I havent experienced.. never.. but 99.9% of my friends do.. and they tell me.. and they talk with me after use.. so I have seen how deep they think...
හිරුන්ද: මොකද බෝසත් මගට වැටෙනවා කියන්නෙ මෝහය නැති කරලා ආර්ය ලෙස ජීවත් වෙනවා කියන එකනේ
මදුර: පූජාවන් ගැන පැහැදිලි අවබෝධයක් මට නැහැ.. ඒක මිනිස්සු පූජාවක් කියල හිත හිත දෙන්නෙ ඇයි කියල මම දන්නෙ නෑ.. මමනම් දෙන දෙයක් දුන්න.. එච්චඑරයි
මදුර: මට කෙලියක් උනොත් ඉතින් හුගක් වෙලාවට සොභාවිකවම මට support එකට කෙනෙක් සෙට් වෙනව..
හිරුන්ද: ඒක කරන්න නම් පට්ට paradigm shift  එකක් ona
මදුර: Anyways . මම පූජාවන් හිත හිත කරන්නෙ නෑ කියල මට හිතෙනව.. ඒ ගැන explanation එකක් දෙන්න තේරෙන්නෙ නෑ
~හිරුන්ද: ඒක කරන්න නම් පට්ට paradigm shift  එකක් ona~
මදුර: මොකද්ද බන් ඒ shift එක
හිරුන්ද: පූජා කරලා බෝසත් මාර්ගය වැටෙන්න බලාපොරොත්තු වෙන එක effective ද
~තරිඳු: මාර්ගය පැහැදිළි කරන්න යන එකෙක් ඉන්නවානං එතනින්ම තේරෙනවා උගේ ගොන්කම. ආමිසයෙන්වත් ප්‍රතිපත්තියෙන්වත් නිවන් දකින්න බෑ. ඕවයින් කරගන්න පුළුවන් එකම දේ තමන්ව දකින එක. තමන්ව වැඩියෙන්ම දකින්න පුළුවන් වෙන්නේ කෙලෙස් වැඩිපුරම අතපතගෑවෙන තැන් වල. ඉතින් ආමිසයට යොමුවෙන එකේ කිසි වැරැද්දක් මම දකින්නේ නෑ. දකින ප්‍රශ්ණ තියෙනවා නම් අපි කතා කරමු...
භාෂාවේ ප්‍රශ්ණයක් තියෙන බව හැබෑව. හැබැයි ඒ ප්‍රශ්ණය ප්‍රශ්ණයක් වෙන්නේ යමක් සන්නිවේදනය  කරන්න හදන ගුරුවරුන්ට. බුදුවරු ගුරුවරු නෙමෙයි. ඒ නිසා බුදුන්ට ඔය කාරණාව ඒ හැටි අදාළ වෙන්නේ නෑ...~
ඉරේෂ්: ගුරුවරයෙකු නිර්වචනය කරන්න බලන්න... 🙂
~හිරුන්ද: So most of the profound experiences that pushed me personally towards my current path were from drugs~
කසුන්: අඩේ personally මට එච්චරම සීන් එකක් ඒ පැත්තෙන්
හිරුන්ද: Sorry boys I have to go. Thatta has met with a podi accident scene
කසුන්: Ohh..hope everything fine..
තරිඳු: +1
~ඉරේෂ්: ගුරුවරයෙකු නිර්වචනය කරන්න බලන්න... 🙂~
තරිඳු: කිසියම් වූ ධර්මයක් දේශනා කරයිද, හෙතෙම වූ කලී ගුරුවරයෙකි...
~හිරුන්ද: මම ඒක ඇහුවේ ය ආමිස පූජාව තියන objectives එක්ක සසඳන්න~
කසුන්: ඒ දෙක compare කරන්නෙ කොහොමද?පැහදිලි මදි.
~හිරුන්ද: So most of the profound experiences that pushed me personally towards my current path were from drugs~
කසුන්: Drugs define කරගෙන තියෙන විදිහෙම පොඩි අවුලක් තියෙනවා නේද?
~කසුන්: Ohh..hope everything fine..~
ඉරේෂ්: +1
~තරිඳු: කිසියම් වූ ධර්මයක් දේශනා කරයිද, හෙතෙම වූ කලී ගුරුවරයෙකි...~
ඉරේෂ්: දැන් ඉතින් ධර්මය නිර්වචනය කරපල්ලකෝ..
තරිඳු: හරි සරළයි. ධර්මය නොවන කිසිවක් නැත...
ඉරේෂ්: අචාන්චා නැත 🙂
තරිඳු: ආන්න හරි
ඉරේෂ්: 😄
තරිඳු: https://kwanumzen.org/teaching-library/1996/02/01/kill-cow-get-enlightenment?rq=kill-cow-get-enlightenment
තරිඳු:

තරිඳු: https://www.ajahnchah.org/singhala/KM%2020%20Kele%20Gahak.pdf
ඉරේෂ්: හ්ම්ම්... ඕගතරන සූත්‍රය..
ඉරේෂ්:

ඉරේෂ්: කච්චායනගොත්ත සූත්‍රයෙත් අන්ත දෙක ගැන කතා කරනවා
ඉරේෂ්: කස්ටිය GOT බලනවා වගේ 😜
මදුර: ඕමි ගහනව...
~කසුන්: අපි දෙයක් ස්පර්ශ  කරනවා කියන එක ඇත්තද බොරුද. touch කියන එක මන් කියන්නෙ..දැන් විද්‍යාත්මකව පෙන්නුව හැකි ලොකෙ කිසිම surfaces දෙකක් එකට touch වෙන්නෙ නෑ..surface ඒකේ තියෙන ඉලෙක්ට්‍රෝන නිසා මුහුනත් දෙක විකර්ශනය වෙනව විතරයි කියලා..~
මදුර: දැනට හදුනාගෙන තියෙන පරමානුවක පිටතම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි බන්දන හදන්නෙ. ඒ අතින් පරමානුක විකර්ශන වාදය අනූව න්‍යෂ්ටි මගින් පරමානු විකර්ශනය උනත් ඉලෙක්ට්‍රෝන පිහිටි කවච මගින් බන්ධන සෑදීම, කැඩී යාම සිද්ධ වෙන්නෙ.ඉලික්ට්‍රෝන තව දුරටත් විඝටනය වෙනවද නැද්ද කියල තාම විද්‍යාවෙන් හොයාගෙන නැහැ. එහෙම උනොත් සමහර විට අපි දෙයක් අල්ලද්දි ඉලික්ට්‍රොනයටත් වඩා කුඩා දෙයකින් තාවකාලික බන්ධන ඇති කරනවා වෙන්න පුලුවන්. මම කිව්වෙ possibility එකක් විතරයි. එහෙම උනිත් සැබෑවටම දෙයක් ස්පර්ශ කලා වෙනව. තාවකාලිකව අපිට එකතුවෙලා වෙන්වෙලායනව වගේ ඇල්ලීම, අත් හැරීම වෙනව වෙන්න පුලුවන්(physically). විද්‍යාව උනත් උපකල්පන මත ගොඩනැගුනු දේවල්. කල් යද්දි වඩ වඩාත් ගැඹුරට සොයාගැනීම් කරනව. සමහරවිට දවසක අපි මේ ඉගෙනගත්තු දේවල් ඔක්කොම වැරදි කියල සොයාගනීවි. අලුත් මතයක් ඇසුරෙන් වඩා ප්‍රායෝගික විද්‍යාවක් බිහිවෙන්න පුලුවන්. Even invisibility kinda stuff even
මදුර: හැබැයි බුදුන් වහන්සේ උනත් පරමානු ගැන ඇතැම් අවස්තාවල දෙශනා කලා කියල අහල තියෙනව මම කොහෙන් හරි. මොකට, කාට කිව්වද කියල දන්නෙ නෑ . හැබැයි ගොඩාක් දුරට අන්ශූන් බෙදා වෙන්කරන්න පුලුවන් බවක් කියල තියෙනව කියල අහල තියෙනව
කසුන්: හරි හරි උඹ කියන එක හරි.මන් කිව්වේ ඔය ඇත්ත ,බොරු / හරි,වැරදි තියෙන්නෙ perception එකෙ මිසක් වෙන කොහෙවත් නෙවි කියන එක..ඒ නිසාම ඒ දෙවල් විචල්‍යයන් ..
~මදුර: හැබැයි බුදුන් වහන්සේ උනත් පරමානු ගැන ඇතැම් අවස්තාවල දෙශනා කලා කියල අහල තියෙනව මම කොහෙන් හරි. මොකට, කාට කිව්වද කියල දන්නෙ නෑ . හැබැයි ගොඩාක් දුරට අන්ශූන් බෙදා වෙන්කරන්න පුලුවන් බවක් කියල තියෙනව කියල අහල තියෙනව~
කසුන්: මන් දන්න තරමට ඔය ගැන බුද්ධ දේශනාව තියෙන්නෙ ශුද්ධාශ්ටක විතරයි..
කසුන්: අබිදර්මය කොටස් වල පොඩි අදහසක් දීලා තියෙනවා මේ ගැන..
මදුර: අනේ ශුද්ධාශ්ටක කිව්වට තෙරෙන්නෙ නෑ කොල්ලො.. link එවන්නෙ නැතුව පොඩි disceiption එකක් දෙන්න බැරිය? Office ඉන්නෙ ඒකයි.. සොරි
කසුන්: එල
කසුන්: මෙහෙමයි.අපි දන්න නාම රූප.. (energy n matter) කොටස් වලට කඩාගෙන කඩාගෙන ගියාම  අට ජාතියක් අනන්‍ය ස්වබාවයන් දකින්න පුලුවන් කියලා කියනවා..මේ ස්වබාවයන් අට ආයෙ වෙන් කරන්න බෑ කියන එකයි දේසනාව....
කසුන්: මේ කියන්නෙ න්‍යෂ්ටියෙත් සෑහෙන අතුලක කතාවක්..
කසුන්: මේ අට තාමා.. 1.ආපෝ
2.තේජෝ
3.වායෝ
4.පටවි
5.රූප
6.ගන්ධ
7.රස
8.ඕජා

මෙව්ව earth fire water wind flavor smell වගේ දන්න වචන වලින් හිතන්න ගියොත් කෙල වෙනව..හරියට අපි පරමානුවෙ ආකෘතිය හිතේ මවාගන්නේ අර ග්‍රහ මන්ඩලේ වගේ කියලා..අන්න එහෙම අවුල් වෙනව..
මදුර: අහ... ඒ කියනෙ දලවශයෙන් uique දේවල් 8 ජාතියක් set වෙලා න්‍යශ්ටි උනත් හැදෙන්නෙ කියල?
කසුන්: මේ අට එකතු වෙලා සේරම නාම රූප හැදෙන බවක් තමයි කියන්නේ..
මදුර: අහ්... yes yes.. got it...
කසුන්: ඔව් in theory එහෙමයි.මූලික ස්වබාව 8යි.
කසුන්: මෙව්වට අංශු කියන්න බෑ..අංශු කිව්වම බරක් තියේ කියල්ල අදහසක් එනවනේ..
කසුන්: ඉතින් මේ අටෙන්  අටම හැම නාම රූපෙම නෑ..එකම අනුපාතෙටත් නෑ
කසුන්: මේ ඕජා කියන එක හෙන අමුතු එකක්..
කසුන්: උට පුලුවන් අනික් 7ම හදන්න..
මදුර: Yes.. මුලුමනින්ම ශක්තීන් විතරයි කියන්නත් බෑ නේ?
කසුන්: ඔව්..
තරිඳු: පොට්‌ඨබ්බ, ධම්ම
කසුන්: දැන් ඔය ටික තමයි අබිදර්ම දේශනා වල තියෙන්නෙ..මේවගේ යාන්ත්‍රනය ගැන බුදුන් විස්තර කරන්න යන්නේ නෑ..
~තරිඳු: පොට්‌ඨබ්බ, ධම්ම~
කසුන්: යෙප්ස්
මදුර: ප්‍රායෝගිකව බුදුන් ඔව්ව කෝහොම දැක්කද මන්ද 😂 ..  මම කිව්වෙ අන්වීක්ශ වලට උනත් මීටර් නොවන දේ පියවි ඇසින් සහ නුවනින්
~තරිඳු: පොට්‌ඨබ්බ, ධම්ම~
මදුර: අර අටද?
කසුන්: ඉතින් ඉලෙක්ට්‍රොන දැකපු එකෙක ඉන්නවද..මෙව්ව නිකන් වටහාගත්තු ඒව කියාලනේ ගන්න වෙන්නේ..
මදුර: අවන්කව කියනවනම් ඔව්ව ඔක්කොම වගේ කියද්දි මතක් වෙනව, දහම් පාසලේ උගන්නල තියෙනව.. දන්නෙ නැති වෙන්න හේතුව කියනවනම්.. මට ලකුනු අඩුයි exam 😂😂😂
~කසුන්: ඉතින් ඉලෙක්ට්‍රොන දැකපු එකෙක ඉන්නවද..මෙව්ව නිකන් වටහාගත්තු ඒව කියාලනේ ගන්න වෙන්නේ..~
මදුර: Exactly.. ඒකමයි මමත් කියන්නෙ..
කසුන්: මෙව්වා මාත් මේ ලඟදි මේ ආයේ අහුවේ
මදුර: පරීක්ශන වලින් අමුතු හැසිරේමක් දැක්ක, ඒකට නමක් දැම්ම , ඉලෙක්ට්‍රෝන..
මදුර: තව වෙනස් හැසිරේමක් දැක්ක.. නමක් දැම්ම ප්‍රෝටොන, නියුට්‍රෝන, පොසිට්‍රෝන...
කසුන්: කොහොම උනත් මේ ටික දැනුම විදිහට කැම්පස් යන උන්ට පොඩ්ඩක් උගන්නනවා නම් වටිනවා..
මදුර: ඊට පස්සෙ අපිට plan කගන්න ලේසො වෙන්න ඒවගෙ පිහිටීම උපකල්පන මත හදාගත්ත
තරිඳු: ප්‍රත්‍ය හතරෙන්ම හටගන්නා ධාතූන් 9 කි
චතු සමුට්ඨානික රූප ( ආපෝ, තේජෝ , වායෝ, පඨවි ,වණ්ණ, ගන්ධ, රස , ඕජා ,ආකාස )
කසුන්: අඩේ ඕක කොහෙද තිබ්බේ?
කසුන්: ආකාස කියලා ස්වබාවයක් තියේ..
කසුන්: ඒක හරි
තරිඳු: ඇස, කණ, නාසය, දිව, කය, මනස යන දොරටු සය තුළින් රූප, ශබ්ද, ගන්ධ, රස, පොට්ඨබ්බ, ධම්ම යන අරමුණු නිරන්තරයෙන්ම ඇති වෙමින්, නැතිවෙමින් යන බව අපි දනිමු.
~තරිඳු: පොට්‌ඨබ්බ, ධම්ම~
තරිඳු: පොඩ්ඩක් ටැපලුනා. හරි එක ආකාස
~කසුන්: අඩේ ඕක කොහෙද තිබ්බේ?~
තරිඳු: http://dittivisuddhi.blogspot.com/2014/07/blog-post.html
කසුන්: අඩෝ මේක දෙකක්
කසුන්: මේ රසයි අර රසයි දෙකක්
තරිඳු: ඔව් ඔව්. ආකාස තමයි ඔතනට එකතු වෙන්න ඕනෑ. පොට්‌ඨබ්බ, ධම්ම නෙමෙයි
කසුන්: ආකාස එකත් එකතු වෙන්නේ නෑ..
කසුන්: ආකාස ස්වබාවයක්
තරිඳු: ඒ මොකෑ බොල ඒ?
තරිඳු: ආකාසත් ධාතුවක් නෙමෙයි කිව්වා?
කසුන්: හරියට නිර්වාන දාතුව වගේ..
කසුන්: ශුද්ධාස්ටක වලින් හැදෙන ඕනි දේක ආකාස දාතුව තිබ්බ හැකි
කසුන්: නෑ මචන් එහෙම නෙවි..ආකාසත් දාතුවක්
තරිඳු: ඔව් ඔව්. රික්තය කියලා ගමු ලේසිවට
මදුර: අඩේ අරක මේක කියල කියල මට දැන් ටැපලුනා 😓😭😭😭
කසුන්: නෑ එහෙම ගත්තොත්.ඕක පැටලෙනවා.
මදුර: අට මොනවද නවය මොනවද? 😒
~මදුර: අඩේ අරක මේක කියල කියල මට දැන් ටැපලුනා 😓😭😭😭~
තරිඳු: හොඳ වැඩේ තොට
කසුන්: පොඩ්ඩක් ඉඳින්..තරුව කියන එක ෆුල් වැරදි නෑ..
මදුර: තොපිනෙ අරක මේක කියල කියවන්න ගත්තෙ.. full වචනෙ නොලියා
මදුර: මල හත්තිලව්වයි 😭 ok.. කතා කොරල ඉවර කොරහන්කො.. මට මේක ගොඩ දාගන්න පුලුවන්..
කසුන්: මන් මේ කියන්නේ අබිදර්මය  පොත මන් තේරුම් ගත්ත විදිහට හොඳේ..ඒක හරිද නැද්ද කියලා තර්ක කොරන්න ගියොත් කතාව කරන් යන එකේ වැඩක් නැති වෙනවා
කසුන්: මෙහෙමයි මදුව..
කසුන්: අබිදර්මයේ කියනවා ලෝකේ එක එක ස්වබාව තියෙනවා කියලා.එව්ව එකකට එකක් mix වෙන එව්ව නෙවි..
කසුන්: එව්වා හෙන ගොඩක් තිබ්බට බුදු හාමුදුරුවෝ  අපිට ආදාල වෙන 82ක් හරි 92ක් හරි දේසනා කොලා කියලා තමයි තියෙන්නෙ..
කසුන්: හරියට අපි ඉන්ග්‍රීසි පොතක් කියවන ඉගෙන ගන්න කොට ඒ අකුරු 52නෙ ඉගෙන ගන්නේ..සේරම හෝඩි වල සේරම අකුරු ඉගෙන් ගන්නේ නෑ නේ.ඒවගේ..
මදුර: 26 බන්
තරිඳු: A, a
තරිඳු: ;)
~තරිඳු: A, a~
කසුන්: තෝ ඉන්න් හින්දා තමා මන් 52 දැම්මේ 😄
මදුර: මොන ෆයන්නක්ද.. ඕකනෙ උබල එක්ක බැරි.. එල.. තේරුන
කසුන්: කොහොම හරි..
තරිඳු: බලපන්කො ඉතින්. ඔය අකුරු දෙකක් කියන එක ගැනවත් අපේ මනසට අරමුණු වෙන්නේ නෑනේ 😂😂😂
~කසුන්: තෝ ඉන්න් හින්දා තමා මන් 52 දැම්මේ 😄~
තරිඳු: සාදු... සාදු... සාදු...
කසුන්: දැන් ඔය චිත්ත , ආකාස ,ප්‍ර්‍රීති ,නිර්වාන, ලෝබ , ශුද්ධාශ්ටක මෙව්වා සේරම ස්වබාවයන් නැත්නම් දාතු කියලා තමා තියෙන්නෙ.
තරිඳු: නාම (අන්වභවි) සූත්‍රය
තරිඳු: මෙන්න බඩු 😂😂😂
~තරිඳු: නාම (අන්වභවි) සූත්‍රය~
කසුන්: මෙහෙම ලැජ්ජා කරන්න එපා ඕයි ! 😂🤣
මදුර: තරුවත් එක්ක මේක කොරන්න බෑ බන්...
මදුර: ගනදෙවි හෑල්ල වගේ ලින්ක් දාල ඔක්කොම මැල්ලුම් වෙනව..
මදුර: විල් චෙක් දිස් චැට් ලේටර්
~මදුර: තරුවත් එක්ක මේක කොරන්න බෑ බන්...~
කසුන්: කරන්න පුලුවනුත් ඌ එක්කම තමා ඉතින් 😂😂
කසුන්: ලින්ක් එක දිග උනාට පොඩි සීන් එකක් තියෙන්නෙ බලහන්
~මදුර: තරුවත් එක්ක මේක කොරන්න බෑ බන්...~
තරිඳු: හරි හරි ඉතින්. තොපි ඕන එකක් කොරගනියව්. මේං මං ගියා 😂😂😂
කසුන්: කොහොමහරි මදුව ඔය මට තෙරිච්චි ටික
...ඔය ආකාස එක අරකට දා ගත්තත් අවුලක් නෑ..ඔය අබිදර්ම ටිකත් මම් කියෙව්වෙ විසුද්ධි මාරගයේ..
කසුන්: ඒකත් මන් ඉවර වෙන්න කියෙව්වෙ නෑ මගේ ප්‍රශ්නේ ඊට කලින් විසඳුන හින්දා
කසුන්: ඇත්තටම ඔය එක අටමගුලක් වත් තේරුම් ගත්තේ නැතිවට කමක් නෑ..
මදුර: අනිවා සිරාවට මම මෙ ඕක හොයන් ගියා නෙවෙ.. සාකඡාවට සෙට් උනා විතරයි 😂
මදුර: අර අපි දෙයක් අල්ලන නොඅල්ලන එක ගැන දැන් තියෙන අපි ඉගෙනගෙන තියෙන විද්‍යාවෙන් මට මීටර් උන ටිකක් කිව්ව විතරයි 😊
~මදුර: දැනට හදුනාගෙන තියෙන පරමානුවක පිටතම කවචයේ තියෙන ඉලෙක්ට්‍රෝන තමයි බන්දන හදන්නෙ. ඒ අතින් පරමානුක විකර්ශන වාදය අනූව න්‍යෂ්ටි මගින් පරමානු විකර්ශනය උනත් ඉලෙක්ට්‍රෝන පිහිටි කවච මගින් බන්ධන සෑදීම, කැඩී යාම සිද්ධ වෙන්නෙ.ඉලික්ට්‍රෝන තව දුරටත් විඝටනය වෙනවද නැද්ද කියල තාම විද්‍යාවෙන් හොයාගෙන නැහැ. එහෙම උනොත් සමහර විට අපි දෙයක් අල්ලද්දි ඉලික්ට්‍රොනයටත් වඩා කුඩා දෙයකින් තාවකාලික බන්ධන ඇති කරනවා වෙන්න පුලුවන්. මම කිව්වෙ possibility එකක් විතරයි. එහෙම උනිත් සැබෑවටම දෙයක් ස්පර්ශ කලා වෙනව. තාවකාලිකව අපිට එකතුවෙලා වෙන්වෙලායනව වගේ ඇල්ලීම, අත් හැරීම වෙනව වෙන්න පුලුවන්(physically). විද්‍යාව උනත් උපකල්පන මත ගොඩනැගුනු දේවල්. කල් යද්දි වඩ වඩාත් ගැඹුරට සොයාගැනීම් කරනව. සමහරවිට දවසක අපි මේ ඉගෙනගත්තු දේවල් ඔක්කොම වැරදි කියල සොයාගනීවි. අලුත් මතයක් ඇසුරෙන් වඩා ප්‍රායෝගික විද්‍යාවක් බිහිවෙන්න පුලුවන්. Even invisibility kinda stuff even~
තරිඳු:

තරිඳු:
~මදුර: හැබැයි බුදුන් වහන්සේ උනත් පරමානු ගැන ඇතැම් අවස්තාවල දෙශනා කලා කියල අහල තියෙනව මම කොහෙන් හරි. මොකට, කාට කිව්වද කියල දන්නෙ නෑ . හැබැයි ගොඩාක් දුරට අන්ශූන් බෙදා වෙන්කරන්න පුලුවන් බවක් කියල තියෙනව කියල අහල තියෙනව~
තරිඳු: මෙහෙම කලේ කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවාය කියලා හිතාගෙන හිටිය අයගේ වැරදි වැටහීම දුරුකරවන්න මිසක්වා ඕවා පොත්වල ලියාගෙන පාඩම් කරන්න එහෙම නෙමෙයි. බුදුන් දුන්නෙත් model එකක් මිසක් යථා ස්වභාවය නෙමෙයි...
තරිඳු: https://www.facebook.com/TharinDUshi/posts/10153461037121776
කසුන්: තමන් නැතුවත් ලෝකයක් තියෙනවා කියලා කල්පනා කරන  ඈයින්ට එහෙම නැතිව අමාරුයි ඉතින්
තරිඳු: අන්නේකයි
~තරිඳු: https://www.facebook.com/TharinDUshi/posts/10153461037121776~
කසුන්: අඩේ මෙන්න  මේකෙ ඉන්නව got එකේ bron..how ironic to think that while watching that video! 😂😂😂😂
තරිඳු: 😂😂😂
තරිඳු:
Image may contain: one or more people, text and outdoor

තරිඳු:
No photo description available.

~කසුන්: අඩේ මෙන්න  මේකෙ ඉන්නව got එකේ bron..how ironic to think that while watching that video! 😂😂😂😂~
තරිඳු: කොහෙද බොල? මූ???

කසුන්: Full shave කරපු ඩෑල් එකක් ඉන්නව ඕකේ අරූ වගේ
මදුර: විද්‍යාව කියල අපි කිව්ව උනත් ඒව ඔක්කොම උපකල්පන මත ගොඩනැගුනු ඒව කියල මම කිව්වෙ ඒකයි...
මදුර: සොරි.. මම නෙවෙයි.. ඔව්ව කියවන හැමෝම දන්නව ඒක 😂😂😂
~තරිඳු: මෙහෙම කලේ කෙනෙක් පුද්ගලයෙක් ඉන්නවාය කියලා හිතාගෙන හිටිය අයගේ වැරදි වැටහීම දුරුකරවන්න මිසක්වා ඕවා පොත්වල ලියාගෙන පාඩම් කරන්න එහෙම නෙමෙයි. බුදුන් දුන්නෙත් model එකක් මිසක් යථා ස්වභාවය නෙමෙයි...~
මදුර: වෙන්ටෑ වෙන්ටෑ 😊
කසුන්: Btw hows hirunda s father?all gud?
ඉරේෂ්: සිරාවට මොකෝ තත්වේ??
ඉරේෂ්: මොකෝ වෙන්නේ ...
කසුන්: ada yako GOT baluwe
කසුන්: overwhelming and underwhelming at same time ne?
ඉරේෂ්: Hahaha 😂😂
තරිඳු: පූර්ණ දහනය දුටුවාද පින්වත...? 😂😂😂
කසුන්: 🤣🤣
කසුන්: කෝ කස්ටිය?
තරිඳු: මම ඉන්නෝ
තරිඳු: උඹ FB එකේ දුන්නු ආතල් වලට ටිකක් විතර මොංගල් වෙලා ඉන්නේ
තරිඳු: 😂😂😂
කසුන්: අර බුදු වෙච්චි හාදයගේ ප්‍රශ්නෙ ඉවරද?
කසුන්: he he..
කසුන්: අපිත් සප් එකක් දෙන්න එපාය ඉතින්..
තරිඳු: නැතුව නැතුව
තරිඳු: පිං
කසුන්: යකො එකෙක්ට කට නෑනේ.. ඉතින් ඌ බුදු වෙලා නම් උගෙන් බන ටිකක් අහලා ‍තෝත් රහත් වියන්කෝ කියන්න..
තරිඳු: එව්වා කොහෙද දකින්නේ...
තරිඳු: ඕකට උත්තරෙත් මම ළඟදී share කළා
තරිඳු: තමන් පිලිගත් බුදුන්, නොපිලිගත් බුදුන් හා සටන් වැද ජයග්‍රහණයට පැමිණවීම සත්වයාගේ අපේක්ෂාවක්
කසුන්: maheema daala thibba ekak neda
කසුන්: man dekka,..ekata like ekak daala thamai mekata reply eka damme
කසුන්: :D
තරිඳු: ඔව් ඔව්... ඌයි මායි ළඟ ළඟ යන්නේ...
තරිඳු: මං ඒ like එකත් note කළා කියහන්කෝ 😂😂😂
කසුන්: 😂😂
තරිඳු: ඒකෙන්ම තේරුණා තෝ වඩින්නේ මාව කන්න කියලා
කසුන්: 😂
කසුන්: මන් මේ ශාරීපුත්‍ර‍ ස්ථවිරාවදානය බලනවා වැදගත් දෙයක් තියෙඩ කියල..යකූ ගාතා 109ක්  තියෙන්නෙ කොහෙද හිටපු බමුනෙක් ගැන කියහන්කො..
මෙව්ව ලියලා තියෙන්නෙම කියවන උන්ට කෙලවලා දාන්න,...
තරිඳු: මඟුලයි... ලියපු එකාට හෙණ ගහපිය!!!
කසුන්: ඉතින් බන් බුද්ධාපදානෙ ගාතා 90 ගානෙන් 75ක් විතර තියෙන්නෙ..බුදු හාමුදුරු හෙන මැජික් ශෝ එකක් පෙන්නපු සීන් එකක්...හෙන මන්දිරයක් මවල..සියලුම බුදු පසේ බුදුවරු ගෙන්නලා..ගනිකාවො නාටීකාංගනාවේ සේරම ගෙනල්ල..හෙන පාර්ටි දාපු සීන් එකක්..මොන බම්බුවක් ද කියලා කල්පනා කලා මන්.. හොඳ වෙලාවට ඔවා කවුරුවත් කියවන්නෙ නැත්තෙ ඕයී...ආනන්ද හාමුදුරුවොත් මෙව්ව අහන් හිටියෙ  මොනා හරි ගහලද මන්ද.
මදුර: බුදු පසේ බුදුවරු ගෙන්නල? ඒ කිව්වෙ ඉස්සර හිටපු අයව මවලද?
කසුන්: yeps
මදුර: මාරයිනෙ 🙄😳 කව්ද බන් ඔව්ව ලියල තියෙන්නෙ 😳😳😳
කසුන්: අනේ මන්දා.. නෑ මන් කියන්නේ ඔව්ව ඇත්තම කියමුකො..ඒත් මෙ බුදු වරු පහල වෙන්නෙ කොහොමද කියල අහපු ප්‍රශ්නෙට දීල තියෙන උත්තරේ කොහෙද යන්නෙ මල්ලෙ පොල් නෙ..
සීන් එක පටන් ගන්නෙ මෙහෙම
 (වැඳුම පිණිස) නැමුනු සිරුරු ඇති වෙදෙහීපුත්‍ර (ආනන්දස්ථවිර) තෙමේ දෙව්රම් වෙහෙරෙහි වැඩ වසන්නා වූ බුදුරජානන් වහන්සේගෙන් ‘‘වීරයන් වහන්ස, සර්‍වඥ බුදුවරු ලොව පහළ වෙත්. ඒ බුදුවරු කිනම් හේතුවකින් පහළ වෙත් දැ’’යි විචාළේ ය.

වැඩෙ ඉවර වෙන්නෙ බිල්ඩිමක් කොනක ඉඳන් ගහලා එක ෆුල් ඩෙකොරේට් කරලා කට්ටිය ගෙනල්ල පාර්ටියක් දාල ඔන්න ඔහොම..ෆුල් මොංගල්...

අන්තිමට කියනව..ඔව්ව හිතන්න ඉවර කරන්න පුලුවන් එව්ව නෙවි කියලත්.. ඉතින් පුක ඉරාගෙන ඔය ටික අහන් හිටපු එකාට අබ සරණයි!
තරිඳු: 😂😂😂
මදුර: පුක ඉරුන නේන්නං ඒක අහල ... අම්මා....හ්හ්හ්.... 🤕😵😩😭😭😭
ඉරේෂ්: තරුවා සිටීද??
තරිඳු: සිටී
ඉරේෂ්: උඹ office da
ඉරේෂ්: Mama fort
තරිඳු: නෑ බං. මේ දැන් ගෙදර ආවා
කසුන්: අඩෙ මට දවාලෙ කියන්න බැරි උනා..අර මහා පුරිස ලක්සන කතාවක් කිව්වෙ මන්..බුදු වරුන්ට එහෙම තියෙනවා කියලනේ..ඒ උනාට ඒක බුදු දහමේ එකක් නෙවි කියලා ඒ උපුටනේ ගත්ත අම්බට්ට සූත්‍රයේ ම උඩ කොටසේ තියෙනවා හොඳේ..
කසුන්: ඕකෙ වෙන්නෙ පොක්කරසාති බමුනු රජා බුදු හාමුදුරුවො ගැන අහලා පැහදිලා හම්බවෙන්න යන්න හදනවා..කෝකටත් කියලා පොර නොයා විස්තර කාරිය බලාගෙන වරෙන් කියලා තමන්ගෙ අත වගේ ඉන්න අම්බට්ට කියන හාදයව තමයි බුදු හාමුදුරුවෝ ගාවට යවන්නෙ..ඒ යවද්දි කියනව අපේ වේද පොත් වල තියෙනවානෙ මහා පුරිස ලක්ශන 32ක් .උන්නාන්සෙට එව්වත් ඇති. ඒකත් බලාගෙන වරෙන් කියල..
කසුන්: ඔය ඇම්බැට්ටයා කියන වචනෙත් ඇවිත් තියෙන්නෙ ඕකෙන් මයෙ හිතේ..
කසුන්: කොහොම හරි ඔය අම්බට්ටයගෙ රෙදි ගලවලා ඔලුවෙ ඔතල එවන සීන් එකක් තමා වෙන්නෙ අන්තිමට..
කසුන්: මට කියන්න ඔනි උනෙ ඔය වේද පොත් වල ඔය මහ පුරිස ලක්සන කතාව තියෙ කියන්නෙ ඕක බුදු වරුන්ට විතරක් අදාල එකක් වෙන්නබෑ කියන එක..
කසුන්: ඒත් ඉතින් ඔව්ව කවුරුවත් හොයල බලන්නෙ නැති නිසා අවුල්ක්ම් නෑ..😄😆😊😁
මදුර: මමනම් කියන්නෙ මහා පුරිස ලක්ශන කියන්නෙ වැඩකරන 3ක් තිබීම කියල 😏😏😏
කසුන්: මන් නම් කියන්නෙ මහා පුරිස ලක්සන කියන්නෙ වැඩ කරන 1ක් තිබීම කියල 😉😉😉
මදුර: ඉතුරු දෙක වැඩ නැත්තන් අව්ල්නෙ 🙄😳
මදුර: බැටරි නැති circuit එක ඉතින් විකුනන්න තමයි වෙන්නෙ.. ඔව්වට අලුත් බැටරි දාන්න බෑනෙ
මදුර: මොනව හරි කතා කොරහල්ලකො
මදුර: ම්ම්ම්...මනසකියන්නෙ සිරාවටම මොකද්ද උබල හිතන or අහල තියෙන විදිහට..
මදුර: ශක්තියක් ද?
තරිඳු: ඕකට උත්තරේ මට දුන්නැහැකි. ඒත් ඉතින් උඹ ඒ උත්තරේ දකින්නෙත් උඹේ මනසින්නේ. ඒක නිසා වැඩක් වෙන්නේ නෑ...
තරිඳු: මං මේ නිකමට වගේ අහන්නේ... උඹ මනස කියලා කියන්නේ මොකටද?
මදුර: මම තාම ඒ ගැන නිර්වචනයක් නැතුව ඉන්නෙ..
මදුර: ඇත්තටම මුකුත් ඒ ගැන හිතාගන්න බැරුව..
කසුන්: මටත් අදහසක්ම නෑ ඕං..හැබෑට මනස කියන එක මොකද්ද කියලා අඳුන ගන්න ඕනි ඇයි අපිට?
මදුර: දන්නෙ නෑ මචන්.. ඒත් ඒක මොකද්ද කියන ප්‍රශ්නෙ හැමවෙලේම හිතෙනව.. දැන් විශ්වයේ කෙලවර හැමවෙලේම හිතෙන්නෙ නෑනෙ.. ඒත් මේක ටිකක් වැඩිපුර මට හිතෙන දෙයක්.. උබල මොනවහරි දන්නවද කියල බැලුවෙ...
මදුර: හැමවෙලේම ඕක හිතන්නෙ නෑ බොලව්.. වැඩියෙන් හිතෙන දෙයක් ... 😂
කසුන්: යෙස් යෙස්..ගොට් යූ..
කසුන්: 😁
කසුන්: මේක කියලා හිතෙන්නෙ මොකද්ද කිව්වනම්..මොකෝ එහෙම එකක් තියෙනවා කියලා දැනෙන හින්දා නොවැ මේක මොන වගේ එකක් ද කියලත් හිතෙන්නෙ..
තරිඳු: තමාගේ පැවැත්ම තමාටම ප්‍රශ්ණයක් වූ එකම සත්ත්වයා මිනිසාය...
කසුන්: ඒ දැනෙන්නේ කොහොම එකක්,මොනා කරන එකක් තියෙ කියලද?
~තරිඳු: තමාගේ පැවැත්ම තමාටම ප්‍රශ්ණයක් වූ එකම සත්ත්වයා මිනිසාය...~
කසුන්: ඉතින් බන් සත්තුත් ඔහොම හිතනවද කවුද දන්නේ..ගෙදර බල්ල නිකන්මනෙ ඉන්නෙ ගොඩක් වෙලේට..ඔව්ව හිත හිත ඉන්නවා වෙන්න බැරිද?
මදුර: යාහ්
තරිඳු: ඕක හිත හිතා ඉන්නවනම් එතැනදී සත්ත්වයා භාහිරයත් එක්ක කරන ගණුදෙනු වල පැහැදිළි වෙනසක් දකින්න පුළුවන් වෙනවා. නමුත් වෙනත් සත්ත්වයන්ගේ එවැනි වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ. අන්නේකයි...
මදුර: සත්තුන්ගෙ සිතුවිලි capacity එක අඩුයි මගෙ හිතෙ...
මදුර: උන්ට මේව හිතෙන්නෙ නැතුව ඇති මචන්...උන්ට තමන්ගෙම වාහනයක් ඕනෙ කියල හිතෙන්නෙ නෑ වගේ
තරිඳු: මෙහෙමයි ඉතින්. ඕවා චින්තනයෙන් එහා තියෙන දේවල් නොවැ. වචන වලට ගළපන එක වැඩක් වෙන එකක් නෑ මං හිතන්නේ.
තරිඳු: මොකෝ අපිට පරික්ෂා කරලා බලන්න ක්‍රමයක් නෑ නෙව...
~තරිඳු: ඕක හිත හිතා ඉන්නවනම් එතැනදී සත්ත්වයා භාහිරයත් එක්ක කරන ගණුදෙනු වල පැහැදිළි වෙනසක් දකින්න පුළුවන් වෙනවා. නමුත් වෙනත් සත්ත්වයන්ගේ එවැනි වෙනසක් දකින්න ලැබෙන්නේ නෑ. අන්නේකයි...~
කසුන්: එහෙම කියන්න බෑ ඉතින්...බාහිර වෙනසක් උනත් පේනවද නැද්ද කවුද දන්නේ..දැන් මේ නිතර දෙවේල හම්බෙලා කතා බහ කරලත් යන මග පල ලාභීන් අඳුන ගන්නෙ නැති අපි සතෙක්ගෙ වෙනසක් note කරයිද?
තරිඳු: එහෙම වෙනසක් ගැන නෙමෙයි මේ කියන්නේ. එකම වර්ගයේ සතුන් දෙදෙනෙක් එකම සිදුවීමකට ප්‍රතිචාර දක්වන්නේ බොහෝ වෙලාවට එකම විදියට. වෙනස් වෙන්නේ පුහුණුවක් නිසා විතරයි...
තරිඳු: හැබැයි මිනිසුන් 10 දෙනෙක් ගත්තොත් උන් 10 දෙනා 10 විදියකට තමයි ප්‍රතිචාර දක්වන්නේ. Special cases නැතුවා නොවෙයි. මම මේ දෘෂ්ඨියක් සමාජගත කරන්න හදනවා හෙම නෙමෙයි ඔන්න...
කසුන්: ඔය කතාව ඉතින් අදහසක් විදිහට විතරයි valid.පැහැදිලි කිරීමක් නම් නෙවි.
තරිඳු: ඔය ඉතා සරළ නිරීක්ෂණ. නිරීක්ෂයන් චින්තනයට දාගන්න හදන අයට තම තමුන්ට කැමති, ආසා විදියට ඕක දාගන්න පුළුවන්...
කසුන්: අන්නේකයි!
කසුන්: කොහොම හරි කතාව වෙන දිහාක ගියා මදුවගෙ ප්‍රශ්නෙන්..
තරිඳු: ඔව්. ඕනෑම පැහැදිළිකිරීමක් සිද්දවෙන්නේ චින්තනයේ. චින්තනයම මායාවක් ඉතින්...
කසුන්: හරි.
තරිඳු: ඉතින් චින්තනයේ හරි වැරද්ද හොයන්න යන එකා නිකන්ම බූරුවා වෙනවා...
කසුන්: දැන් මේ යකා කිව්වෙ නෑනෙ මනස කියල පොරට තෙරෙන්නෙ කොහෙ තියෙන මොනා කරන එකක්ද කියලා..
තරිඳු: ඒක  තමා
මදුර: 😂😂😂
~තරිඳු: ඕකට උත්තරේ මට දුන්නැහැකි. ඒත් ඉතින් උඹ ඒ උත්තරේ දකින්නෙත් උඹේ මනසින්නේ. ඒක නිසා වැඩක් වෙන්නේ නෑ...~
මදුර: නිකමට වගෙ උබ දන්න උත්තරයක් කියහන්කො
තරිඳු: 1. අනුන්ගේ ප්‍රශ්ණයක්
2. හේතු-ඵල ධර්මතාවක්
3. විපාකයක්
4. යමක් ඇත්තේද, එය මනසයි
5. මායාවක්
තරිඳු: ඔන්න කිව්වා එකට පහක්ම
කසුන්: 😊
තරිඳු: 6. ආයතනයක්
7. ආරම්භය
8. ලෝකය
9. මුලාවක්
10. ශරීරයෙන් තොරව පවතින්න පුළුවන් කියලා උඹලා හිතන් ඉන්න ලබ්බක්
තරිඳු: ඔන්න තවත් පහක් 😂😂😂
තරිඳු: 11. වේගයක්
තරිඳු: 12. මැණීමේ හැකියාව
තරිඳු: ඔය ප්‍රශ්ණ තියෙන උන් තව ඉන්නවද?
තරිඳු: ඉන්නවනං මෙන්න මේක කියවහල්ලා... 😂😂😂
http://maninnekoheda.blogspot.com/
මදුර: හම්ම්ම්ම්.... එලස්ස්ස්....
මදුර: උබ කියපු උත්තර සිත නිර්වචනය කරන්නෙ නෑ.. ඒත් සිතේ ගුනාංග හැටියට ගන්න පුලුවන්... සිත සහ චෛතසික ගැන මම interest නිසා ඇහුවෙ   .. තවමත් මට උත්තරයක් නැහැ.. එහෙම උනත් ඒකට උත්තරයක් අත්‍යවශ්‍යත් නෑ...
මදුර: අද කියවන්න දෙයක් ඕනෙ නිසා ඇහුව 😂
~කසුන්: ඒ දැනෙන්නේ කොහොම එකක්,මොනා කරන එකක් තියෙ කියලද?~
තරිඳු: ඉතින් උත්තරයක් දෙන්න උඹ ඉස්සෙල්ලා මේකට උත්තර දීල ඉඳපන්
තරිඳු: අනික් කාරණාව මම ඔය මුළින් කිව්වේ මනස ගැන. දැන් උඹ අහන්නේ සිත ගැනද?
මදුර: මනසෙයි හිතෙයි වෙනසව්ස්ත් දන්නෙ නෑ බන් මම.. මොකද්ද වෙනස? 😂😂😂
තරිඳු: මනසට අකුරු 3යි සිතට අකුරු 2යි 😂😂😂
මදුර: උබත් ඒ ඇර වෙන වෙනසක් දන්නෙ නෑ නේ?
තරිඳු: දන්නවා... ඒත් උඹට කියන්නේ නෑ. මොකද උඹ මනස කියන්නේ මොකකටද කියලවත් තාම අපිට කිව්වේ නෑනේ
මදුර: මම උබෙන් අහන ප්‍රශ්නෙම උබත් මගෙන් අහනව කියන්නෙ.. එතනින් එහාට explanation තේරුමක් නෑ තමයි 😂
~මදුර: ම්ම්ම්...මනසකියන්නෙ සිරාවටම මොකද්ද උබල හිතන or අහල තියෙන විදිහට..~
තරිඳු: ඉතින් බං මේකනේ උඹේ ප්‍රශ්ණය. මම උඹෙන් ඇහුවේ මේක නෙමෙයිනේ...
~තරිඳු: අනික් කාරණාව මම ඔය මුළින් කිව්වේ මනස ගැන. දැන් උඹ අහන්නේ සිත ගැනද?~
මදුර: .
~මදුර: මනසෙයි හිතෙයි වෙනසව්ස්ත් දන්නෙ නෑ බන් මම.. මොකද්ද වෙනස? 😂😂😂~
මදුර: .
තරිඳු: උත්තර දෙන්න කළින් ප්‍රශ්ණය නිරාකරණය කරගන්නයි එහෙම ඇහුවේ...
මදුර: මමත් මනසකියන එකෙයි හිත කියන එකෙයි වෙනසක් තියෙනවදකියල දන්නෙ නැහැ
තරිඳු: නිරාකරණය නෙමෙයි නිරවුල්
තරිඳු: ඒකට කාරී නෑ. දෙකම එකක් කියලා හිතාගෙන උත්තරයක් දීපන්කො දැනට
මදුර: හම්ම්ම්... පෙනෙන හැටියට conclusion එක වෙන්නෙ හරියට වචනෙ තිතටම තිබ්බෙ නැත්තන් ඔක්කොම වෙනස්වෙනව කියන එකනෙ... 😂
තරිඳු: නෑ... වචනේ තිතටම තිබ්බත් ඔක්කොම වෙනස් වෙනවා කියන එක. ඒක තවත් වැඩි වෙනවා වචන තිතටවත් තිබ්බේ නැත්නම්...
තරිඳු: මොකද එකම වචනය උනත් 10 දෙනෙක් ගන්නේ 10 විදියකට...
තරිඳු: ඉතින් වැඩිපුර වචනම භාවිතාකරලා ආසන්නතම කරුණු කාරණා සාකච්චා කරලා සැකදුරු කරගන්න එක තමයි කරන්න වෙන්නේ
තරිඳු:

මදුර: එහෙම උනත් හරියටම explanation එකක් දෙන්නබැරි දෙයක්නෙ හිත කියන්නෙ... සමහර විට පටවි, ආපෝ,... වල සංකලනයක් වෙන්න පුලුවන් කියල හිතෙනව...
මදුර: පටවි , ආපෝ, etc.....
තරිඳු: එහෙනම් ඉතින් ඒක 1. අනුන්ගේ ප්‍රශ්ණයක්
තරිඳු: උඹට කවුරුහරි කිව්ව හින්දද හිත ගැන හොයන්නේ? එහෙමත් නැත්නම් එහෙම දෙයක් තියෙනවා කියලා උඹටම හිතලද?
තරිඳු: උඹේ උත්තරේ දෙවැනි කාරණාව නම් මං මේ අහන්නේ එහෙම හිතෙන්න මූලික වශයෙන්ම බලපෑව කාරණා මොනවද කියලා
මදුර: මේ හැමදෙයක්ම මොනවයින්ද හැදිල තියෙන්නෙ වගෙ හැටලු හේතුවක් නැතුවම එන ඒව.. මට... ඒවයින් එකක් හිත. අපි කලින් දවසක පරමානු ගැන කතා කරද්දි පටවි ආපෝ set එක ගැන කියද්දි naturally ආපු ගැටලුවක් ඔය මට.. ඉස්සරත් ඕක මොකද්ද කියල හිතල තියෙනව.. තවමත් කිසි අදහසක් නෑ.. ඒකයි සාකක්චාවට දාල බැලුවෙ
මදුර: හිත කොයි වගේද, හිත, මනස, සිහින .. කොහොමදහැදිල තියෙන්නෙ.. ඒවගෙ වෙනස්කම් මොනවද... 100% ක් accurately  අහන්න බැරි ප්‍රශ්න.. naturally එන ඒව..
මදුර: පේන්නෙ නෑ? අද අහල කරගත්තු දේ? 😂
තරිඳු: ඕක තමයි ඉතින් සත්ත්වයාගේ අවිද්‍යාව. නොදන්න ලබ්බවල් පස්සේ යනවා එහෙම එකක් තියෙනවාද කියලවත් නොදැන...
තරිඳු: Don't take it personally 😂😂😂
තරිඳු: අපි හැමෝම එහෙමයි
තරිඳු: ඕවා ඉබේ එනවා කියන එක නම් අමූලික බොරුවක්. උඹ කලින් නොදන්නා දෙයක් උඹට ප්‍රශ්ණයක් වෙන්නේ නෑ කවදාවත් ඉන්ද්‍රිය ගෝචර නොවෙනකන්
මදුර: I know.. exactly.. ඒත් එහෙම දෙයක් තියෙනව කියල දැනගෙන මම යන්නෙ.. මේව හිතෙන්න මට හිතක් තියෙනව...
තරිඳු: දැනගෙන කිව්වේ?
තරිඳු: කාගෙන් හරි අහගෙන නේද?
මදුර: උබට උනත් දෙයක් හිතෙන්නෙ හිතක් තියෙන නිසානෙ.. ඒක කාගෙන්වත් අහන්න කලින් කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ.. මොකද වටපිටේ තියෙන හැමදෙයක්ම අපි meter කරගන්නෙ කාගෙන් හරි අහගෙන දැනගෙන.. අපි සාකච්චා කරන්න ඕනෙ එහෙම නොවෙන ඒව නම්.. ඒව මොනවද කියන්න මම දන්නෙ නෑ... නොදන්න දෙයක් ගැන සාකච්චා කරන්නෙ කොහොමද කියල තවම මට තෙරුමක් නෑ
තරිඳු: මට දේවල් හිතෙන්නේ හිතක් තියෙන නිසා නෙමෙයි. මට දේවල් හිතෙන නිසයි හිතක් තියෙන්නේ... ඒ කිව්ව කතාව පැහැදිලිද?
මදුර: ම්ම්ම්.. ඔව්..
තරිඳු: මට දේවල් හිතෙන්නෙ ඇයි කියන එකට චින්තනයෙන් හදාගත්තු පිළිතුර තමා හිත.
මදුර: හම්ම්ම්ම්... point...
මදුර: මට අවන්කවම මේ ගැන idea එකක් නෑ.. කොහොමද හිතේ storage වෙන්නෙ.. කොහෙද .. වගේ ඒව
තරිඳු: පරිගණකය ගැන ඔය ප්‍රශ්ණය නෑ???
~මදුර: උබට උනත් දෙයක් හිතෙන්නෙ හිතක් තියෙන නිසානෙ.. ඒක කාගෙන්වත් අහන්න කලින් කොහොමද කියල කියන්න මම දන්නෙ නෑ.. මොකද වටපිටේ තියෙන හැමදෙයක්ම අපි meter කරගන්නෙ කාගෙන් හරි අහගෙන දැනගෙන.. අපි සාකච්චා කරන්න ඕනෙ එහෙම නොවෙන ඒව නම්.. ඒව මොනවද කියන්න මම දන්නෙ නෑ... නොදන්න දෙයක් ගැන සාකච්චා කරන්නෙ කොහොමද කියල තවම මට තෙරුමක් නෑ~
තරිඳු: ඔව්. අපි පොඩිකාලේ ඉඳලම කලේ කාගෙන්හරි අහගත්තු එක. හැබැයි ඉතින් දැන් අවුරුදු 30ක් වෙන්නත් එන එකේ අපිට තේරෙන්න ඕනෑ කාගෙන්වත් අහගන්න දේවල් වල සීමාසහිත බව... :)
තරිඳු: නොදන්න දෙයක් සාකච්ඡා කරන්න අවශ්‍ය වෙන්නේ නෑනේ. සාකච්ඡා වෙන්නේ හැමවිටම දැණුමක්. ඒකත් චින්තනය තුල...
තරිඳු: හැබැයි මෙහෙම සාකච්ඡා වෙන ඇතැම් කරුණු කාරණා වලින් අපිට පුළුවන් වෙනවා චින්තනය ඉක්මවා දකින්න.
තරිඳු: ඒකනේ මේ group හදාගෙන කරන්න හදන්නේ
මදුරංග:

මදුරංග: කැපයි ද අකැපයි ද ?
තරිඳු: කාටද?
මදුරංග: ඒක තමා ගැටලුව
තරිඳු: හාමුදුරුවන්ට කැපයි. ගෝලබාලයන්ට අකැපයි...
මදුරංග: ගෝල බාලයන්ට කෙසේ වෙතත්, එහෙයියන්ට අකැපයි..
මදුරංග: කුඩා සාමනේරයන් මහණ කීරීම ගැන කුමක්  සිතයිද ?
~තරිඳු: පරිගණකය ගැන ඔය ප්‍රශ්ණය නෑ???~
මදුර: අන්න ඒකයි.. මමත් කියන්න හැදුවෙ ඊලගට ඒක.. කොහෙද.. එකදිගට type කොරන්න බෑ.. ගෙදර යන ගමන්...
මදුර: මගෙන් christian කෙනෙක් ඇහුව කොහෙද බන් උබල කියන විදිහට පව් පින් store වෙලා, time කරලා ගානට වෙලාවට පල දෙන්නෙ.. කාගෙද ප්‍රොග්‍රෑම් එක වගේ ඒව
මදුර: මට කියන්න උනේ එකදෙයයි
මදුර: එව්ව magic වෙන්නැති බන්. මිනිස්සු කිව්වට උන් එකෙක්වත් ඕක ගැන හරියටම දන්නෙ නෑ.. උබ ඔව්ව හිතන්න යන්න එපා කියල
තරිඳු: ලෝකය දුවන්නේ හේතු-ඵල දහම උඩ. ඉතින් ඒක තමුන් නොදකින තාක්කල් එක එක ක්‍රම වලින් ලෝකය අවබෝධ කරගන්න සත්ත්වයා උත්සාහ කරනවා. පව, පින, කර්මය කියන්නේ අර හේතුඵල ධර්මතාවය චින්තනය ඔස්සේ අවබෝධ කරගන්න ගත්තු අසාර්ථක උත්සාහයන්...
තරිඳු: ඕවා එක එක අය අපිට දීපු models
තරිඳු: ඔය models කියන්නේ අපි දැනට දන්න දේවල් ගලපලා සංගත වෙන්න හදපු දැණුම් පද්ධති
තරිඳු: උඹ අර දවසක් කිව්වේ ඉලෙක්ර්ල්ට්‍රෝන ගැන. ඉලෙක්ට්‍රෝන ඊට වඩා බෙදෙන එක ගැන තාම scientifically දන්නෙ නෑ කියලා. ක්වොන්ටම් වල කතා කරන්නේම ඔය ගැන. හැබැයි ඒවා එළියට දාන්නේ නෑ. හේතුව, එහෙම කලොත් දැන් තියෙන මුළු බටහිර විද්‍යාවම තනිකර බොරු වෙනවා...
තරිඳු: එහෙම බොරු වෙලා නවතිනවා නං තව කමක් නෑ. කිසිම දෙයක් පැහැදිළි කරගන්න බැරි ගානට විද්‍යාව වැටෙනවා
මදුර: ඔව්.. ඒත් ඒවයින් දැනට තියෙන හුගක් theory වැරදි වෙනවනෙ
~තරිඳු: එහෙම බොරු වෙලා නවතිනවා නං තව කමක් නෑ. කිසිම දෙයක් පැහැදිළි කරගන්න බැරි ගානට විද්‍යාව වැටෙනවා~
මදුර: Yaah
තරිඳු: මොකද ක්වොන්ටම් භෞතිකයේ නිරීක්ෂණ බොහෝමයක් පිස්සු හැදෙන සඳවල්
මදුර: එතකොට බුදුන් උනත් යම් යම් දේවල් පැහැදිලි කරන්න මේ models යොදාගත්තද?
තරිඳු: අපොයි ඔව්. Models වලින් විතරයි චින්තනයේදි පැහැදිලි කරන්න වෙන්නේ
තරිඳු: හැබැයි බුදුන්ගේ හැම model එකකම exit clause එකක් තියෙනවා
මදුර: අන්න ඒක නිසා වෙන්න ඕනෙ මිනිස්සු models වලට කොටු වෙලා ඒක අතුලෙ ඉදගෙන නිවන ගැන plan කරන්නෙ
මදුර: Plan නෙවෙයි.. I mean... err.. u knw wht I mean 😝
තරිඳු: ඒක නිසා ප්‍රක්ඥාවන්තයන් ඔය models වලින් ගැලවෙනවා වගේම මෝඩයන්ට අනිත් අයට කරදරයක් හිරිහැරයක් නොවෙන ධර්මයක් ලැබෙනවා...
තරිඳු: ඔව්. ඇස පහළවෙනකං කරන්න වෙන්නේ ඔච්චරයි
තරිඳු: ඇස පහළවෙන්නේ චින්තනය තුලින්මයි
මදුර: ඔව් ඒක ඇත්ත.. ඒත්.. සමහර මෝඩයො ඒ models ගැන තර්ක කර කරම ඉන්නව.. ex:- me... හැබැයි තාම මට ඒක එහෙමයි කියල sure කරල කියන්නත් බෑ 😂
තරිඳු: ඉතින් ඒක තමයි වෙන්නත් ඕනේ...
තරිඳු: එතකොටයි චින්තනයේ අඩුපාඩු පේන්න ගන්නේ
මදුර: ඔව් එක අතකින් බැලුවම ඕක තර්ක නොකර හිටියොත් ගැලවෙන පොටවල් අපිව හොයන් එන්නෙත් නෑ තමයි...
තරිඳු: එහෙම නැතුව මාර්ගය වැඩෙන්නේ නෑ
තරිඳු: කෝ අනිත් උන් ටික???
මදුර: මම මේ අහන ප්‍රශ්නය වැරදියට ගන්න එපා...
මදුර: දැන්... උබගෙ මාර්ගය වැඩිලද? Also I mean... කොහොමද අපි sure කරල දැනගන්නෙ... මේක හරි , දැන් තමයි හරි ක්‍රමේ.. වගේ..
තරිඳු: මාර්ගය තාම වැඩෙනවා. හැබැයි බුදු කෙනෙක් නෑ දැන්. හරි ක්‍රමේ දැනගන්න නං වැරදි ක්‍රම තියෙන්න එපැයි. එහෙම වැරදි ක්‍රම මුකුත් නෑ. තියෙන්නේ වැරදි වැඩ විතරයි.
තරිඳු: සත්ත්වයා කොහොමත් පිහිටලා තියෙන්නෙ නිවන අරබයා. ගොං වැඩක් නොකරන තාක්කල් කිසි අවුළක් නෑ
තරිඳු: දාරුක්ඛන්ධෝපම සූත්‍රය
තරිඳු: සූත්‍රය බැලුවට කමක් නෑ. හැබැයි ඔය ආනන්දලා ඕක නිර්වචනය කරන්න ගිහින් කරපු හදිය ගැන එහෙම මගෙන් අහනවා නෙමෙයි 😂😂😂
මදුර: 😂😂😂
මදුර: So.. උබල කරන්නෙ.. ඒ සූත්‍ර ලැබෙන හැටියට කියවල.. ඒකෙ නිවැරදි මාර්ගය කියල තමන්ටම filter වෙලා එන ටික ගන්න එක?.. හිතලම plan කරකරම නෙවෙයි.. ඒව කියවද්දි නොදැනිම තමන්ගෙ තර්ක බිදිල යනව? ඒ වගේ?
මදුර: Guess you can grab what I am trying to mean..
තරිඳු: උඹලා කිව්වේ?
මදුර: ම්ම්ම්ම්.... මාර්ගය වැඩෙමින් පවතින අය
තරිඳු: මම නම් කරන්නේ සූත්‍ර වලින් මාව දකින එක. කිසිම දෙයක් අලුතින් ගන්නේ නෑ. තර්ක බිඳෙනවා කියන එක නෙමෙයි හරිම වචනය
මදුර: ඔව් බන් මට ඒකට වචනයක් දාගන්න බෑ.. errr... 😓 nvm...
තරිඳු: තර්කය හදපු මාව දැක්කම, මටම එපා වෙලා මගෙන් මාව නිදහස් වෙනවා
තරිඳු: ගැටළු ලිහෙනවා කියමුකෝ :)
තරිඳු: තර්ක බිඳි බිදී ගියොත් සක්කාය ඉතිරි වෙනවා
මදුර: Ok . 😉
මදුර: ඔව් නේ?
මදුර: හුගක් වෙලවට අපිට ඇත්තම වචනෙ දාගන්න බෑ.. ඒකනෙ උබ මගෙන් මොකක් හරි කිව්වම වචනෙටම අම්බානක් හරස් ප්‍රශ්න අහන්නෙ 😂😂😂 to get the exact meaning I mean... but even I cant express it the way it has to
තරිඳු: ඕක උඹේ අවුළක් නෙමෙයි බං. වචන වල අවුළක්. ගොඩක් උන් උත්තර දෙන්නේ උඹ අහපු ප්‍රශ්ණයට නෙමෙයි උන්ට උඹේ වචන වලින් ඇහිච්ච ප්‍රශ්ණයට...
තරිඳු: මම ඉතින් පොඩි උත්සහයක් ගන්නවා උඹේ ප්‍රශ්ණයටම උත්තර දෙන්න. හැමවෙලේම හරි යන්නෙත් නෑ ඉතින්...
තරිඳු: හරි යන්නෙම නැද්ද මන්දා බං 😂😂😂
මදුර: එහෙම උනත් උන්ට ඉවසීම නැති එක ලොකු අව්ලක්.. 😂😂😂 මොකද ඒක වෙනස් තේරුමකින් හිතල උත්තර දුන්නම අරුන් ගේම call කරගෙන කෑ ගහගෙන එනව අපිට ගොන් උත්තර දෙන්න එපා කියාගෙන 😂😂😂
තරිඳු: හයියෝ සංසාරේ තමයි ඉතින්...
~තරිඳු: හරි යන්නෙම නැද්ද මන්දා බං 😂😂😂~
මදුර: නෑහ්... මමත් හෙන ගේමක් දෙනව උබ දෙන උත්තර වලින් මගෙ ප්‍රශ්නයේ ගැටේ ලිහාගන්න.. තාම කෙල වෙන level ඇවිල්ල නෑ 😂😂😂
තරිඳු: මටත් එහෙම වෙච්චි අවස්ථා නැතුවාම නොවෙයි පින්වතුනි
තරිඳු: 😂😂😂
~මදුර: එහෙම උනත් උන්ට ඉවසීම නැති එක ලොකු අව්ලක්.. 😂😂😂 මොකද ඒක වෙනස් තේරුමකින් හිතල උත්තර දුන්නම අරුන් ගේම call කරගෙන කෑ ගහගෙන එනව අපිට ගොන් උත්තර දෙන්න එපා කියාගෙන 😂😂😂~
තරිඳු: මම කිව්වේ මෙහෙම වෙච්චි වෙලාවන්
~මදුර: නෑහ්... මමත් හෙන ගේමක් දෙනව උබ දෙන උත්තර වලින් මගෙ ප්‍රශ්නයේ ගැටේ ලිහාගන්න.. තාම කෙල වෙන level ඇවිල්ල නෑ 😂😂😂~
තරිඳු: සංතෝසයී...
මදුර: අනිවා 😂😂. තාම පිස්සු හැදිල ගහගන්න එනඑකෙක් එක්ක මෙව්ව කතා කරල නෑ.. ඒත් එහෙම උන් ඉන්නව අම්බානට.. හැමදාම සිල් බිදගන්නව.. හැබැයි ධර්මයක් ගැන තර්කයක් ගෙනාවම "උබලට ආගම ධර්මය ගැන හැගීමක් නෑ, භක්තියක් නැති උන්, ධර්මයට ගරහන බල්ලා, සාප වෙනව යකෝ, හපොයි පුතේ උබල වැරදි පාරවල් වලනෙ යන්නෙ, psychologist කෙනෙක්ට පෙන්නන්න වෙයි " වගේ ඒව වැඩියෙන් අහන්න වෙන්නෙ 😂😂😂
මදුර: මගෙ senior පරම්පරාව කියනව වෙලාවකට "අපි ඉතින් වල පයයි ගොඩ පයයි .. දැන් ඔව්වට පරක්කු වැඩී, මම දන්න හාමුදුරු කෙනෙක් ඉන්නව ලස්සනට බන කියන.. එයාව මුනගස්සන්නම්, අපි කියන දේවල භක්තියක් තියෙන අයට විතරයි තේරෙන්නෙ" වගේ ඒව...
මදුර: අපි කව්රුත් ඉතින් පෘතග්ජන මිනිස්සුනේ... 😓😏
කසුන්: අඩෙ මට ඇටම සෙට් උන තැන ඉඳන් මිස් උනා chat ටික..
කසුන්: ඒ ටික කවුරු හරි පිංවතෙක් pm කරනවද මට
කසුන්: මගෙ whatsapp reset උනා නෙව.
තරිඳු: ටක් ගාලා online එකට connect වෙයන්
තරිඳු: Whatsapp web
තරිඳු: හරි ගියාද?
~මදුර: අනිවා 😂😂. තාම පිස්සු හැදිල ගහගන්න එනඑකෙක් එක්ක මෙව්ව කතා කරල නෑ.. ඒත් එහෙම උන් ඉන්නව අම්බානට.. හැමදාම සිල් බිදගන්නව.. හැබැයි ධර්මයක් ගැන තර්කයක් ගෙනාවම "උබලට ආගම ධර්මය ගැන හැගීමක් නෑ, භක්තියක් නැති උන්, ධර්මයට ගරහන බල්ලා, සාප වෙනව යකෝ, හපොයි පුතේ උබල වැරදි පාරවල් වලනෙ යන්නෙ, psychologist කෙනෙක්ට පෙන්නන්න වෙයි " වගේ ඒව වැඩියෙන් අහන්න වෙන්නෙ 😂😂😂~
තරිඳු: සිල් තියෙන්නේ ඉතින් බිඳගන්න තමයි. මොකද එතකොටයි තමුන් ගැන තමුන්ටම ප්‍රශ්ණයක් වෙලා හිස ගිනිගන්නේ. හැබැයි සමහරු තමුන්ටම වංචා කරගන්නවා. උන්ට ඉතින් අබ සරණයි...
තරිඳු: ඔය වැරදි පාර වැරදි පාර කිය කියා එන උන් එක්කෝ ගමන අවසන් කරලා තියෙන්න ඕනෑ. එහෙමත් නැත්නම් අපි යන පාරෙම ඉවර වෙනකං ගිහින් බලලා තියෙන්න ඕනෑ.
තරිඳු: ඔය දෙකම නැතුව උන් කොහොම පාර වැරදියි කියනවද මංදා
තරිඳු: ධර්මයම සර්පයාට උපමා කරලා දේශනා කලේ ඕකමනේ
~තරිඳු: ඔය දෙකම නැතුව උන් කොහොම පාර වැරදියි කියනවද මංදා~
මදුර: අන්න ඒකනෙ බන් seen එක.. සමහරු කියනවත් එක්ක මේක තමයි හරි පාර ගගා ඒත් . එයාලවත් ඒකෙ යන්නෙ නෑ අඩුගානෙ.. දැන් කාලෙ ගොඩක් හාමුදුරුවරුත් ඕක කොරන්නෙ...
තරිඳු: මෙහෙම එකකුත් තියෙනවා හැබැයි. රහතන් වහන්සේ නමක් පාර කිව්වට ඒකා තියා ඒකාගේ බල්ලවත් ඒ පාරෙ යන්නේ නෑ. යන්න අවශ්‍යතාවක් නෑ. ඒක හින්දා කියන එකා නොගියට ඒකේ ඒ හැටි ගැටළුවක් මට පේන්නෙ නෑ
මදුර: ඒත් කියන හැමෝමරහත් වෙලා නෑනෙ
තරිඳු: හැබැයි යන පාර වැරදියි කියන එවුන් එක්ක මම ගේම
තරිඳු: කවුද බං දන්නේ
මදුර: හැබැයි නොදැන නොකර උනත් හරි පාරකියන එක හොදයි
තරිඳු: ඔතන තියෙන්නේ තනිකරම ශ්‍රද්ධාව. දැන් මම මොකාට හරි පාර කිව්වත් උන් ඒකේ යන්නේ නෑනේ. මොකෝ ශ්‍රද්ධාව නෑ
තරිඳු: හැබැයි මම බුදුන්ගේ වෙස් අරන් ආවොත් හෙම කතාවෙ අනිත් පැත්ත
මදුර: ශ්‍රද්ධාව කියන වචනයට හරි තේරුමක් කියන්න පුලුවන්ද?.. confidence එකමද?
~මදුර: මගෙ senior පරම්පරාව කියනව වෙලාවකට "අපි ඉතින් වල පයයි ගොඩ පයයි .. දැන් ඔව්වට පරක්කු වැඩී, මම දන්න හාමුදුරු කෙනෙක් ඉන්නව ලස්සනට බන කියන.. එයාව මුනගස්සන්නම්, අපි කියන දේවල භක්තියක් තියෙන අයට විතරයි තේරෙන්නෙ" වගේ ඒව...~
තරිඳු: මේ වගේ අයට අර හාමුදුරුවන්ගේම බණ ටිකක් හොයලා දීපං. සතුටින් ඉඳීවි එතකොට
මදුර: ඒක කොරල දුන්න 😂😂😂 ඒකම 😂😂😂
තරිඳු: එච්චරයි එහෙනම් 😂😂😂
කසුන්: ගේම ඉල්ලන් එන උන් ඉන්න තරමට තමයි මාර්ගය වැඩෙන්නේ..මන් කියන්නේ උන් තමයි අපිට පාර කියා දෙන්නම එන බුදු වරු..
කසුන්: නැත්නම් අපිත් දන්න මගුල් වලම එල්ලිලා පොරවල් වෙලා ආතල් එකේ ඉඳලා මැරිලා යනවා..
~මදුර: එහෙම උනත් උන්ට ඉවසීම නැති එක ලොකු අව්ලක්.. 😂😂😂 මොකද ඒක වෙනස් තේරුමකින් හිතල උත්තර දුන්නම අරුන් ගේම call කරගෙන කෑ ගහගෙන එනව අපිට ගොන් උත්තර දෙන්න එපා කියාගෙන 😂😂😂~
කසුන්: මේන්න මේ තියෙන්නෙ...මේ වෙලාවට අරින්න හොඳ නෑ...මොකද ෆුල්ම සුවර් වෙනකන් යන පාර හරිම පාරද කියලා දන්නේ කවුද ඉතින්..
~තරිඳු: ඔය දෙකම නැතුව උන් කොහොම පාර වැරදියි කියනවද මංදා~
කසුන්: ඉතින් බන් පාර වැරදියි කියා ගෙන එනකොටම තේරෙනවනේ මේ හාදයා මේ පාරක් තියේ කියලා තාම හිතන් ඉන්න එකෙක්‍ ය කියලා..
කසුන්: 😊
~කසුන්: ගේම ඉල්ලන් එන උන් ඉන්න තරමට තමයි මාර්ගය වැඩෙන්නේ..මන් කියන්නේ උන් තමයි අපිට පාර කියා දෙන්නම එන බුදු වරු..~
මදුර: Well... එහෙම අයගෙන්ම තමයි මමත් අහගෙනම යන්නෙ...   Ex:- තරුවා.. මූ මට දාන කින්ඩි වලට වෙන එකෙක්නම් group එකෙන් ගිහින්.. ඒත් මට ගානක් වත් නෑනෙ 😂😂😂 .. හැබැයි මට එන ප්‍රශ්නෙ කොහොමද මට ඕන එක pinpoint කරන්නෙ කියල.. මොකද මම කියන දේ උට තෙරෙනව කියල sure... ඌ ඒකෙ ඇද කුද හෙව්වට 😂😂😂
~කසුන්: ඉතින් බන් පාර වැරදියි කියා ගෙන එනකොටම තේරෙනවනේ මේ හාදයා මේ පාරක් තියේ කියලා තාම හිතන් ඉන්න එකෙක්‍ ය කියලා..~
තරිඳු: එතකොට උඹ කියන්නේ ඇත්තටම පාරක් නෑ කියලද?
කසුන්: එන්න පාරක් තියේ..එතන්ට යන්න පාරක් නෑ..
ඉරේෂ්: හප්පා msg ටික miss උනේ නෑ කියලා හිතනවා 😇
කසුන්: තේරුනාද මන්දා
කසුන්: 😊
තරිඳු: නැතී පුතී
මදුර: නැත
කසුන්: මේකනේ බන් එගොඩ වෙන්න ඕනි ගඟ  ගාවට එන්න පාරක් තියේ
කසුන්: ඒත් එගොඩට යන්න පාරක් නෑ
~මදුර: Well... එහෙම අයගෙන්ම තමයි මමත් අහගෙනම යන්නෙ...   Ex:- තරුවා.. මූ මට දාන කින්ඩි වලට වෙන එකෙක්නම් group එකෙන් ගිහින්.. ඒත් මට ගානක් වත් නෑනෙ 😂😂😂 .. හැබැයි මට එන ප්‍රශ්නෙ කොහොමද මට ඕන එක pinpoint කරන්නෙ කියල.. මොකද මම කියන දේ උට තෙරෙනව කියල sure... ඌ ඒකෙ ඇද කුද හෙව්වට 😂😂😂~
තරිඳු: පොඩ්ඩක් හිටු. මම කවද්ද බොල තොට කින්ඩි දැම්මේ? මේක විසඳගන්න ඕනෑ ඉස්සෙල්ලාම
මදුර: වහහහහහහ 😂😂😂
~ඉරේෂ්: හප්පා msg ටික miss උනේ නෑ කියලා හිතනවා 😇~
තරිඳු: ඔයගොල්ලෝ ඉතින් ලොකු සීන් හින්දා අපි වැඩේ කරන් ගියා
මදුර: මම හිතුව උබ ඕකටත් කෙහෙවැල් පටලවගන්න එයි කියල 😂😂😂
කසුන්: 😂😂😂
ඉරේෂ්: මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනලියකගෙනි
පාර අසා තිබුණේ..
ඉරේෂ්: ඔන්න ඕකයි සීන් එක
තරිඳු: මම දෙයක් කියද්දී අනිත් එකා ඒක ගන්න විදිය ගැන ඒ හැටි හිතන්න යන්නේ නෑ. මට ඕනේ අඩුම යාන්ත්‍රික දෝෂයකින් පණිවිඩය යවන්න. ඒක නිසා වෙන්න ඇති උඹට මම කින්ඩි දානවා කියලා හිතෙන්නේ...
~කසුන්: ඒත් එගොඩට යන්න පාරක් නෑ~
තරිඳු: එතකොට කොහොමැයි එගොඩට යන්නේ?
~ඉරේෂ්: ඔන්න ඕකයි සීන් එක~
තරිඳු: තේරුණේ නෑ
කසුන්: එගොඩට යන්න දෙයක් නෑ..එගොඩ වෙලා නේ ඉන්නේ...
කසුන්: හෙමින් සීරුවේ එගොඩ වෙලා ඉන්න බව තේරුම්ගත්තම හරි
~මදුර: Well... එහෙම අයගෙන්ම තමයි මමත් අහගෙනම යන්නෙ...   Ex:- තරුවා.. මූ මට දාන කින්ඩි වලට වෙන එකෙක්නම් group එකෙන් ගිහින්.. ඒත් මට ගානක් වත් නෑනෙ 😂😂😂 .. හැබැයි මට එන ප්‍රශ්නෙ කොහොමද මට ඕන එක pinpoint කරන්නෙ කියල.. මොකද මම කියන දේ උට තෙරෙනව කියල sure... ඌ ඒකෙ ඇද කුද හෙව්වට 😂😂😂~
තරිඳු: උඹට දෙයක් තේරිලා තියෙන හන්දා තමයි ඉතින් මං ඇදකුද හොයන්නේ. මේක දකින්න ඕනෑ දහමක් මිසක්වා තේරුම් ගන්න දහමක් නෙමෙයි
~ඉරේෂ්: මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනලියකගෙනි
පාර අසා තිබුණේ..~
ඉරේෂ්: මේකයි සීන් එක
තරිඳු: ඕක තමයි බොල තේරුණේ නෑ කිව්වේ
~කසුන්: එගොඩට යන්න දෙයක් නෑ..එගොඩ වෙලා නේ ඉන්නේ...~
තරිඳු: එතකොට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය?
ඉරේෂ්: පාර ⁣අහන උන් ගැන කිව්වේ
~තරිඳු: මම දෙයක් කියද්දී අනිත් එකා ඒක ගන්න විදිය ගැන ඒ හැටි හිතන්න යන්නේ නෑ. මට ඕනේ අඩුම යාන්ත්‍රික දෝෂයකින් පණිවිඩය යවන්න. ඒක නිසා වෙන්න ඇති උඹට මම කින්ඩි දානවා කියලා හිතෙන්නේ...~
මදුර: පිස්සුද බොල.. මම joke එකට කිව්වෙ... ඕනවට වඩා serious ගන්න එපා යකූ.. joke උනත් අමතක වෙනව එතකොට.. මං කොට කොට කියන්නයැ මේක joke එකක් කියල 😏😓😂
~තරිඳු: එතකොට ආර්‍ය අෂ්ඨාංගික මාර්ගය?~
කසුන්: ඒක ඔය තියෙන විදිහකට තිවුනාවෙ බන්..ඔය බම්බුව මට කවදාවත් ගෝචර විච්චි එකක් නෙවි..
තරිඳු: එහෙම වරෙන්
කසුන්: 😊
තරිඳු: රෙද්ද
~ඉරේෂ්: මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනලියකගෙනි
පාර අසා තිබුණේ..~
මදුර: සමනලී ෆොන්සේකා? 😍😍😍
~කසුන්: ඒක ඔය තියෙන විදිහකට තිවුනාවෙ බන්..ඔය බම්බුව මට කවදාවත් ගෝචර විච්චි එකක් නෙවි..~
තරිඳු: පොඩ්ඩක් පරිස්සමෙන් පුතෝ. මං ඊට එහා මුකුත් කියන්න යන්නේ නෑ ඔය ගැන...
~ඉරේෂ්: පාර ⁣අහන උන් ගැන කිව්වේ~
තරිඳු: ඒ කියන්නේ කවුරුවත් පාර දන්නේ නෑ කියන එකද?
~ඉරේෂ්: මං මුලාවී පාර සොයාගෙන
හසරක් අසමින් යන ගමනේ..
මං මුලාවූ සමනලියකගෙනි
පාර අසා තිබුණේ..~
තරිඳු: ඕකෙ තුන්වැනි පේළිය මෙහෙමත් වෙන්න බෑද?

කෙලෙස් නසාලූ මෙතේ බුදුන්ගෙනි...
~කසුන්: එන්න පාරක් තියේ..එතන්ට යන්න පාරක් නෑ..~
තරිඳු: මේ කියන්නේ පාරක් තියෙන්නේ අතීතයේ. ඒත් අනාගතයේ හෝ වර්තමානයේ පාරක් නෑ කියලද? Dots always connect backwards??
~තරිඳු: පොඩ්ඩක් පරිස්සමෙන් පුතෝ. මං ඊට එහා මුකුත් කියන්න යන්නේ නෑ ඔය ගැන...~
කසුන්: Scouting කරලා තියෙද?
තරිඳු: නෑ බං
තරිඳු: ඒ මොකෝ
තරිඳු: ඇටමා නං කලා
කසුන්: හ්ම්ම් ඓහෙනම් කියන්න වෙන විදිහක් හිතන්න වෙනවා.
තරිඳු: මං උගෙන් අහගන්නම්. උඹ කියපංකෝ
කසුන්: ඔව් ඔව් ඇටමා දාපු ලෙඩ තමයි අපිත් කෑවෙ බඩ කට පුරා පහු කාලෙ
කසුන්: 😂😂😂
තරිඳු: 😂😂😂
තරිඳු: මට නං පුතෝ මාර්ගයක් තිබ්බා. හැබැයි ඉතින් කොහෙද යන්නේ, මල්ලේ පොල් මාර්ගයක්..
කසුන්: විනාඩියෙන් සෙට් වෙන්නම්..සුට්ටි වැඩකට එලියට ආව
තරිඳු: එළ
කසුන්: හොඳයි..විනාඩියේ විරාමයෙන් පසු නැවතත් සංවාදයට..
කසුන්: 😊
කසුන්: පලවෙනි දේ මට ඔය මාර්ගය = පාර කියන අදහස set වෙන්නෙම නැති එකක්..
කසුන්: මාර්ගය කියන එක ක්‍රමෝපාය ,විධික්‍රමයා වගේ උනත් ගත්තහැකි ඕනි නම්..
කසුන්: ආර්ය අශ්ටාංගික මාර්ගය කියන එකත් ඒ වගෙ..
කසුන්: මෙව්ව එකට එකක් mile post  නෙවි මට නම්..
කසුන්: අනික අපිකියන්නෙ මාර්ගය වැඩෙනවා කියලා මිසක් මාර්ගයේ ගමන් කරනවා කියලා නෙවී..
කසුන්: පාර වල් වල නම් යනවා.එක එක එව්ව පහු කරගෙන..
~කසුන්: මාර්ගය කියන එක ක්‍රමෝපාය ,විධික්‍රමයා වගේ උනත් ගත්තහැකි ඕනි නම්..~
මදුර: Point...
කසුන්: ඉතින් ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ මේකයි මේකයි කියලා ඉගෙන ගෙන තියෙන එක concept එකක් වත් මට තේරෙන එව්ව නෙවි..මට තේරෙන එකයි මට කියල දුන්නු එකයි දෙකක්..ඉතින් සම්ම දිට්ටිය පුරුදු කරලා සම්මා වාචාවට යනවා. එහෙම නැත්නම් සම්මා ආජීවය කියන්නේ මෙන්න මෙ නොකල යුතු වෙලඳාම් කරලා ජීවිකාව කරගන්න එකය ..සම්මා සතිය කියන්නෙ හැම තිස්සෙම සිහියෙන් ඉන්න එකය..එහෙම හිටියාමය සම්මා සමාධියට එන්නෙ..වගෙ කතා හෙන මොට්ට මොංගල් කතා...මට..
~කසුන්: මාර්ගය කියන එක ක්‍රමෝපාය ,විධික්‍රමයා වගේ උනත් ගත්තහැකි ඕනි නම්..~
තරිඳු: එහෙම නොගන්න බැරි නෑ. ඒත් මගේ මාර්ගය ඔය කියන ක්‍රමවේදයක් නෙමෙයි
කසුන්: හරි ගැටලුවක් නෑ..මන් කියන එක අහලා හිටියනම්..බොට මට වඩා හොඳ උත්තරයක් දුන්න හැකියි නේ..
තරිඳු: අවස්ථාව ලබා දෙනවා
තරිඳු: මම හිතුවා කියලා ඉවරායි කියලා
කසුන්: ඔහොම ගැටලු කාරී තැන් තියේ මට බොහොම..හරියට තරුවගේ සක්කාය වගේ..තරුවා කැඩිලා කියන එක මොකක්ද කියලා මෙලො මල දානයක් මට තේරුමක් නෑ..හැබැයි අපි මේ අපිව නඩත්තු කරනව කියලා කරන ප්‍රෝඩාව දන්නවා ..සක්කාය දිට්ටිය කියන්නේ මේකයි කියලා පොතේ තියෙන එකත් දන්නවා..දැන් ඔව්ව ගලපන්න ගියාම මල මගුලක්..මොකද උඹේ එකයි මගේ එකයි එකමද දෙකක්ද කියන එක සුවර් කරන්න විදිහක් ම නෑ..හරියට උඹේ ඇහැට රතු කියලා පේන් එක මගේ ඇහැට රතු කියලා පේන පාටමද කියලා සුවර් කරන්න විදිහක් නෑ වගෙ..
කසුන්: එතකොට...ඔය අවුල් වලට හිර උනාම මෙලෝ රහක් නැති වෙනවා ජීවිතේ..
කසුන්: ඒ එක්කම ඔය ප්‍රශ්න ඇත්තටම ප්‍රශ්න නොවන බවත් මන් තේරුම් ගන්නව...
කසුන්: ඉතින් ඒ ප්‍රශ්න නැතිවෙලා යන system එක හෙනම සරල දෙයක් නේ. දැන් ප්‍රශ්න සේරම එක පාර නැති වෙලා යන්නේ නෑ..
කසුන්: හැබැයි ප්‍රශ්න ඔහේ නැති වේගෙන යනවනම් එච්චරයි..
කසුන්: මන් කියන්නෙ ඔතන්ට එන්න නම් මට පාරවල් තිබ්බට ඔතනින් යන පාරවල් මට පේන්නේ නෑ..
කසුන්: කලින් කතා කරද්දි මට මෙතන ඉන්න එක ගැන ඒ හැටි විස්වාසයක් තිවුනේ නෑ..
කසුන්: ඒත් ඒ විස්වාසේ වැඩි වේගෙන යනවා මිසක් අඩුවක් නෑ..
කසුන්: අසා සිටි ඔබ සැමට ස්තුතියි!
කසුන්: 😊

Comments

Popular posts from this blog

කබරයා - 14/8/17 - 15/8/17

කබරයා - 9/8/17 - 11/8/17

කබරයා - 8/9/17 - 14/9/17